Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th August 2018 21:44:55 Hours

වඩ්ඩකච්චි පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යුද හමුදාවේ අත හිත

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනා බළප්‍රදේශයේ ස්ථානගත 6 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භඨ පිරිස්හි සම්බන්ධිකරණයෙන් වඩ්ඩකච්චි රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභි පවුල්වල සිසු දරු දැරියන් 48 දෙනෙකු වෙත අධ්‍යාපන කටයුතු සඳහා පාසැල් උපකරණ බෙදාදිමේ උත්සවයක් 2018 ජුලි මස 31 දින පවත්වනු ලැබීය.

සිසුන්ගේ අධ්‍යාපන මට්ටම නගාසිටුවීමේ අරමුණින් කොළඹ පිහිටි කෙන්ට් ඉංජිනේරු පුද්ගලික සමාගමේ (Kent Engineers (Pvt) Ltd) අනුග්‍රහකත්වය ඇතිව වඩ්ඩකච්චි රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 38 - වඩ්ඩකච්චි ග්‍රාම සේවා කොට්ඨාශයෙන් තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් සඳහා මෙම පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.

මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහභාගි වු අතර, 6 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ගුරුභාවතුන් සහ දෙමාපියන් සහභාගි විය.