Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th August 2018 21:51:36 Hours

57 වන සේනාංකයේ භඨ පිරිස් ලිංගාශ්‍රිත බෝවන රෝග පිළිබඳ දැනුවත් කෙරේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකකයේ භඨ පිරිස් ‘ලිංගාශ්‍රිත රෝග, ලිංගිකව බෝවන රෝග (STDs), ලිංගික සනිපාරක්‍ෂක සහ හැසිරීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කිලිනොච්චි දිස්ත්‍රික්ක රෝහලේ ලිංගාශ්‍රිත හා සමාජ රෝග පිළිබඳ වෛද්‍ය වෙනුරි ප්‍රනාන්දු මහත්මිය විසින් පවත්වනු ලැබීය.

57 වන සේනාංක මූලස්ථාන බහුකාර්ය ගොඩනැගිල්ලේ දී 2018 අගෝස්තු මස 01 දින පැවැති මෙම වැඩමුළුව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසක් සහභාගි විය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ ගේ ඉල්ලීමකට අනුව වෛද්‍ය වෙනුරි ප්‍රනාන්දු මහත්මිය විසින් මෙම දේශණය පවත්වනු ලැබීය.