Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th August 2018 21:59:59 Hours

ආපදා කළමනාකරණය’ පිළිබඳව කිලිනොච්චි යුද හමුදාව දැනුවත් කෙරේ

57 වන සේනාංකය යටතේ පාලනය වන 571 වන බළසේනාංක සහ යටතේ රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ‘ආපදා කළමනාකරණය’ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 2018 අගෝස්තු මස 02 වන දින 57 වන සේනාංක මුලස්ථාන පහසුකම් කේන්ද්‍රයේදි පවත්වනු ලැබීය.

කිලිනොච්චි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහාය අධ්‍යක්‍ෂක ශන්මුගනාදන් ඉංපරාජන් මහතා විසින් ඉදිරි මෝසම් වැසි කාලයේදි සහ ගංවතුර හා නියඟයන් වැනි හදිසි ආපදා තත්වයකදි ගතයුතු පූර්ව ආරක්‍ෂක පියවර පිළිබඳ යුද්ධ සාමාජිකයින් දැනුවත් කරන ලදි.

මෙම දේශණය සදහා නිළධාරින් සහ සෙසු නිළයින් 45 දෙනෙකු සහභාගි වන ලදි