Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th August 2018 22:04:46 Hours

66 වන සේනාංකයේ මුලිකත්වයෙන් පොල් වගාකරුවන්හට නොමිලේ පොහොර බෙදාදෙයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 661 බළසේනාවේ බළසේනාධිපතිගේ අධික්‍ෂණය මත 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සම්බන්ධිකරණයෙන් මිරිහාන සිල්වර් මිල්ස් සමාගමේ ප්‍රධාන කළමණාකරු දිනේෂ් සිල්වා ඇතුලු එම කාර්ය මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහකත්වය යටතේ පුනරින් ප්‍රදේශයේ අඩුආදායම් ලාභි පවුල් 100 දෙනෙකු වෙත පොල් වගාව සඳහා අවශ්‍ය පොහොර තොගයක් සහ පොල් වගාව තුල ව්‍යාප්ත කල හැකි අතුරු බෝග බීජ බෙදාදිමෙ වැඩසටහනක් 2018.08.03 දින පුනරින් අරසපුරකුලම් බළඇණි පුහුණු පාසලේදි පවත්වන ලදි.

පුනරින් අරසපුරකුලම් බළඇණි පුහුණු පාසලේ දි පොල් වගාකරුවන් සඳහා පොහොර භාවිතය පිලිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් යාපනය ප්‍රදේශයේ පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශිය කළමණාකරු එස් කරුනේස්, පොල් සංවර්ධණ නිළධාරි එස් සත්‍යානන්දන්, යන නිළධාරින් විසින් පොහොර භාවිතය තුලින් වැඩි ඵලදාවක් ලබාගන්නා ආකාරය පිළිබඳ පුළුල් දේශණයක් පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවු අතර, 661 වන බළසේනාවේ බළසේනාධිපති, සිල්වර් මිල්ස් සමාගමේ නිලධාරින්, යාපනය ප්‍රදේශයේ පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රදේශිය කළමණාකරු සහ සහකාර කළමණාකරු එස් කරුනේස් මහතා සහ අණදෙන නිලධාරින්, සිවිල් සම්බණ්ධිකරණ නිලධාරි ඇතුළුව සිවිල් වැසියන් සහභාගි වන ලදි.