Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th August 2018 22:09:50 Hours

කිලිනොච්චි යුද හමුදාව හා සිවිල් වැසියන් අතර සුහදත්වය වර්ධණය කිරිමේ පාපන්දු තරගාවලිය

යුද්ධ හමුදා සාමාජිකයින් සහ දමිළ ජනතාව සුහදතාවය සහ සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් යුතුව කිළිනොච්චි ප්‍රදේශයේ කීර්තිමත් පුද්ගලයකු වු විශ්‍රාමික දිස්ත්‍රික් ලේඛම් සහ ජයන්තිනගර් මහාදේව ආශ්‍රමයේ අධ්‍යක්‍ෂක ටී රාසනායගම් මහතා අනුස්මරණය කිරිම නිමිත්තෙන් කිළිනොච්චි ප්‍රදේශයේ ලේකම් කාර්යාලයට අයත් ක්‍රිඩා කණ්ඩායම් 19 ගේ සහභාගීත්වයෙන් පාපන්දු තරගාවලියක් 2018.08.03,04 සහ 05යන දිනයන්හිදී 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධික්‍ෂණය යටතේ 571 වන බළසේනාංකය යටතේ පාලනය වන 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාව විසින් සංවිධානය කරනු ලැබිය.

මෙහි අවසාන මහා තරගාවලිය 2018 අගෝස්තු මස 05 වන දින කනගපුරම් ක්‍රිඩාංගනයේදි පැවැත්තු අතර, තරගාවලියේ ශුරතාවය වඩ්ඩකච්චි - ඉලන්තෙරියල් කණ්ඩායම හිමිකර ගත් අතර, අනු ශුරතාවය උදයතාරකී කණ්ඩායම හිමිකර ගන්නා ලදි.

මේ සදහා ශ්‍රි ලංකා මොබිටෙල් ආයතනයේ පුර්ණ අනුග්‍රහක දායකත්වයෙන් ජයග්‍රහි කණ්ඩායම් සදහා මුදල් ත්‍යාග පිරිනමන ලදි.

අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිළිනොච්චි අතිරේක දිස්ත්‍රික් ලේඛම් එස් සත්‍යශිලන් මහතා සහභාගී වු අතර, 571 සහ 572 බළසේනාංකයේ බළසේනංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසු නිළයින් සහ සිවිල් වැසියන් සහභාගී විය.