Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th August 2018 22:17:24 Hours

යුද හමුදාව විසින් ස්කන්දපුරම් පාසලේ දරු දැරියන් වෙත පොත්පත් ලබාදිම

65 වන සේනාංකයේ සෙනංකාධිපති මේජර් ජෙනරාල් කුමා පිරිස්ගේ මගපෙන්විම මත 652 වන බලසේනාංක බළප්‍රදේශයේ ස්ථානගත 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස්ගේ සම්බන්ධිකරණයෙන් ස්කන්දපුරම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 50 දෙනෙකු වෙත අධ්‍යාපන කටයුතු සඳහා පාසැල් පොත් පත් බෙදාදිමේ උත්සවයක් 2018 අගෝස්තු මස 03 දින පවත්වනු ලැබීය.

තවද ස්කන්දපුරම් ග්‍රාමසේවා කොට්ඨාශයේ සිවිල් වැසියන්ගේ ජිවන තත්වය නගාසිටුවීමේ අරමුණින් යුතුව සිවිල් වැසියන් 70 දෙනෙකු වෙත පොල් පැළ බෙදාදිමක්ද මෙහිදි සිදුකරන ලදි.

මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 652 වන බළසේනාංකයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්ද සහභාගිවු අතර, ඒකක අණදෙන නිළධාරින්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, සෙසු නිළයින්, ගුරුභාවතුන්, දෙමාපියන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් සහභාගි විය.