Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th August 2018 10:33:17 Hours

දියතලාවශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක

දියතලාව ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් 58 දෙනෙකු 2018 අගෝස්තු මස 08 සහ 09 යන දිනයන්හිදි කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අධ්‍යාපන චාරිකාවක නිරත විය.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැමිණි කෙඩෙට් නිලධාරින් කර්නල් පාලන භාකාස, කර්නල් නිශාන්ත දිසානායක සහ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි, කර්නල් රවි පතිරවිතාන විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදි, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (ක්‍රියාන්විත) විසින් කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ වගකිම් සහ කාර්ය භාර්යයන් පිළිබඳව ඉදිරිපත් කිරිම කරන ලදි.

මෙම සංචාරය සිහිවිම පිණිස කෙඩෙට් නිලධාරින් විසින් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි බ්‍රිගේඩියර් චන්න වීරසුරිය වෙත සමරු තිළිණයක් ද ප්‍රධානය කරන ලද අතර, කෙඩෙට් නිළධාරින් විසින් කෝප්‍රල් හසලක ගාමිණී කුලරත්න රණවිරුවාගේ අලිමංකඩ පිහිටි ස්මාරකය දැකබලා ගැනිම සදහාද එක්විය.