Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th October 2018 08:25:18 Hours

66 වන සේනාංකය විසින් ශ්‍රමදාන වැඩසටහන් පැවැත්විම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන 66 වන සේනාංක බළප්‍රදේශය තුල 2018.10.07 සහ 08 දිනයන්හි ප්‍රජාසත්කාර වැඩසටහන් සිදුකරන ලදි.

ඒ අනුව 66 වන සේනාංකය යටතේ රාජකාරි නියුතු 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් විනාසියෝඩෙයි දමිළ පාසල් භූමිය අවට සුද්ධ පවිත්‍ර කිරිම, 5 (සෙව්) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් පල්ලිනිපායි හින්ඳු කෝවිල අවට සහ සෙම්මංගුන්ඩු පෙර පාසල අවට සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතු සිදුකරන ලදි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දිප්ති ජයතිලකගේ අධික්‍ෂණය යටතේ මෙම ප්‍රජාසත්කාර වැඩසටහන සිදුකරන ලදි.