Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th October 2018 08:32:36 Hours

57 වන සේනාංකය විසින් යුධ හමුදා 69 වන සංවත්රය සැමරිම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපතිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ ප්‍රධානත්වයෙන් 69 වෙනි සංවත්සරය සැමරිමේ වැඩසටහන් 2018.10.10 වැඩසටහන් සිදුකරන ලදි.

ඒ අනුව 57 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදි සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් යුධ හමුදා ධජය ඔසවා කොස් පැළ 50ක් රෝපනය කල අතර, 571 බළසේනාව යටතේ රජකාරි නියුතු 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨපිරිස් සහ 9 වන විජයබාහු රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කිලිනොච්චි රෝහලේ භූමි පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කරන ලදි.

තවද 57 බළසේනාව යටතේ රජකාරි නියුතු 3 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් 574 වන බළසේනාධිපතිගේ අධික්‍ෂණයෙන් හා 3 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරිග් මෙහෙයවිම මත එම ඒකකයේ භඨපිරිස් විසින් මාන්කුලම් ප්‍රදේශයේ දිළිඳු පවුල් දෙකක් වෙත වියලි සලාක මල්ල බැගින් ලබාදෙන ලදි.