Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th October 2018 08:35:24 Hours

66 වන සේනාංකය විසින් 69 වන යුද හමුදා දිනය නිමිත්තෙන් ධජන්ට සෙත් පැතිම

කිලිනොච්චිආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන 66 වන සේනාංක විසින් 69 වන යුද හමුදා සංවත්සරයට සමගාමිව 2018.10.09 වන දින විවිධ ආගමික වතාවත් ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව 66 වන සේනාංකය විසින් ධජයන්ට සෙත් පතා පුනරින් ශාන්ත මරියා දේවස්ථානය තුලදි දේව මෙහෙයක් පැවැත්විම හා පරන්තන් පොරික්කඩවෙයි අම්මාන් කෝවිල් පුජාවක් පැවැත්විම සිදුකරන ලැබිය.

මෙම අවස්ථාව සදහා 66 වන සේනාංකයේ සෙන්නංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක ඇතුළු බළසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහ සෙසු නිළයින් සහභාගිවන ලදි.