Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th October 2018 08:37:40 Hours

65 වන සේනාංකය විසින් යුධ හමුදා 69 වන සංවත්රය සමගාමිව කෝවිල් පුජා පැවැත්විම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපතිගේ මේජර් ජෙනරල් නිශ්ශංක රණවනගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් 69 වන යුද හමුදා සංවත්සරයට සමගාමිව 2018.10.10 වන දින කෝවිල් පුජා හා කෝවිල් පිරිසිදු කිරිමේ වැඩසයහනක් ක්‍රියාත්මක කරන ලදි.

එඅනුව 65 වන සේනාංකයේ සියළුම නිලයින්ගේ සභාගිත්වයෙන් සිත්ති අම්මාන් විනයාගර් කෝවිලේ දි පුජාවක් පවත්වා අනතුරුව අධිරදන් පෙර පාසලේ ළමුන් සඳහා පාසල් උපකරණ හා කෙටි ආහාර වේලක් ලබාදුන් අතර, 652 බළසේනාවේ භඨ පිරිස් විසින් අක්කරායන්කුලම් පුලියාර් කෝවිල් භූමිය සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතු සිදුකරන ලදි.

තවද 652 බළසේනාව යටතේ රජකාරි නියුතු 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භඨපිරිස් විසින් තිරුමුරුක්කණ්ඩි ගණදෙවි කෝවිලේදි පූජාවක් සහ කඳවුරු භූමියේදි බෝධි පූජාවක් පැවැත්වු අතර, එම අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ අනේකුත් නිළාරින් ඇතුළු සෙසු නිළයින් සහභාගි විය.