Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th October 2018 08:44:01 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය යුද්ධ හමුදා 69 වන සංවත්සරය සැමරිම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 69 වන සංවත්රය ඔක්තෝබර් මස 10 වෙනි දිනට යෙදි තිබෙන අතර, එම සංවත්සරය වෙනුවෙන්ආරක්‍ෂ සේනා මුලස්ථානය (කිලිනොච්චි) ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් හා මගපෙන්විමට අනුව 2018.10.10 වන දින මෙම මූලස්ථානයේදි අනුරාධපුර සහ ලොළොන්නරුව රෝහල් වල ලේ බැංකු වෙත ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් හා කිලිනොච්චි කරුණා නිලෛයම් ළමා නිවාසයේ ළමුන් සඳහා දිවා ආහාරය ලබාදෙන ලදි.

එබැවින් මෙම ආරක්ෂාක සේනා මුලස්ථානයේදි ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා 69 වෙනි සංවත්සරය සනිටුහන් කිරිම සඳහා මූලස්ථාන පරිශ්‍රයේදි 08.30 පැයට යුධ හමුදා ධජය ඔසවා යුධ හමුදා ගීතය ගායනා කිරිමෙන් පසු මියගි රණවිරුවන් සිහිකිරිම සහ යුද්ධ හමුදාධිපති තුමාගේ පණිවුඩය සියළු දෙනා වෙත කියවිමෙන් අනතුරුව කිලිනොච්චි බළප්‍රදේශයේ රජකාරි නියුතු යුධ හමුදා සාමාජිකයින් 300 දෙනෙකුගේ සහභාගිත්වයෙන් දැනට උතුරුමැද පලාතේ රෝහල්ගතව නේවාසික ප්‍රථිකාර ලබන රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා ලේ පරිත්‍යාග කිරීමක් සිදුකල අතර, මෙම අවස්ථාව සඳහා අනුරාධපුර ශීක්‍ෂණ රෝහලේ වෛද්‍ය රත්නපාල එම්බිබි සහ පොළොල්නරුව රෝහලේ වෛද්‍ය ආර්එම්කේ සිජේ බණ්ඩාර සහ එම රෝහල්වල වෛද්‍ය කර්ය මණ්ඩළය 30 දෙනෙකු මේ සදහා පුර්ණ සහයෝගය ලබාදුන් අතර. ලේ දන්දිම සදහා අනුරාධාපුර ශීක්‍ෂණ රෝහලේ සහ පොළොන්නරුව රෝහලේ කාර්ය මණ්ඩලය විසින් දක්වන ලද සහයෝගය ආඥාපති විසින් විශේෂ ඇගයිමකට ලක්කරන ලදි.

මෙම සංවත්සර උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරි/නිළධාරිණියන් ඇතුළුව සෙසු නිළයින් සහභාගිවන ලදි.