Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th October 2018 08:46:52 Hours

65 වන සේනාංකය විසින් 69 වන යුද හමුදා දිනය නිමිත්තෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරිම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන 65වන සේනාංක විසින් 69 වන යුද හමුදා සංවත්සරයට සමගාමිව 2018.ඔක්තෝබර් 10 වන දින ධජයන්ට සෙත්පතා කෝවිල් පුජා පවත්වන ලදි.

ඒ අනුව 651 වන බළසේනාංකය යටතේ රාජකාරි කරනු ලබන 19 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුව, 11 (සෙව්) ගජබා රෙජිමේන්තු සහ බැලැණි පුහුණු පාසල මුලංකාවිල්හි රාජකාරිකරනු ලබන භඨ පිරිස් විසින් මුලංකාවිල් පුල්ලෙයාර් කෝවිල තුලදි කෝවිල් පුජාවක් ලවත්වන ලදි.

තවද 653 වන බළසේනාංකයේ රාජකාරි කරනු ලබන කාර්ය මණ්ඩලය විසින් 69 වන සංවත්සරයට සමගාමිව තෙරන්කණ්ඩාල් ශ්‍රි අධීසන් මුරුගන් කෝවිල් තුලදි කෝවිල් පුජාවක් පැවැත්තු අතර, එම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් ඇතුලු සෙසු නිලයින් සහභාගිවිය.