Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

ආගමික සහ සංස්කෘතික ක්‍රියාකාරකම්

ආගමික සහ සංස්කෘතික කටයුතු

1.ශ්‍රී ලංකාව යනු ආගමික නිදහස ඇති රටකි. ප්‍රධාන ආගම බුදුදහම වුවද, අනෙක් සියලූ ආගම් බුදුදහමට සමාන ආකාරයකින් සලකනු ලැබේ. රටේ සෑම පුරවැසියෙකුටම ඔවුන්ගේ ආගම නිදහස ඇදහීමට ඉඩලබා දී තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ ආගමික විශ්වාසයන් එකිනෙකට මිශ්රව, පුද්ගලයකු අයත් වන්නේ කුමන ආගමට ද කුමන සංස්කෘතියකට ද යන්න ඉදුරාම කිව නොහැකි මට්ටමක් දක්වා වර්ධනය වී ඇත.

2.ඒ අනුව සෑම පළාතකම බහුතර ජනවර්ගය මත පදනම්වු තමන්ගේම සංස්කෘතියක් තිබේ. දරුණුතම ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් බැට කෑ කිලිනොච්චි ජනතාව නැවත මුදා ගැනීමෙන් පසුව වර්තමානය වන විට ඉහල සංස්කෘතික හා ආගමික අයිතිවාසිකම් භුක්ති විඳිති.

3. මේ සම්බන්ධයෙන් ශ්‍රිලංකා යුද හමුදාව ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරමින් හා සෑම විටම ඉස්ලාමීය, ක්‍රිස්තියානි ආගම ඇතුළු හින්දු බුදු දහම ආදී සියලු ආගම් සහජීවනයෙන් ඇදහිමට අවස්තාව සලසා දී ඇත. ආගමික සහජීවනය යනු ප්‍රාදේශීය ජනතාව හා හමුදාව අතර ඇති පරතරය අවම කිරීම සඳහා අවශ්‍ය වන තවත් බොහෝ සාධකවලින් ප්‍රධානතම එකකි.

අරමුණු

4. ආරක්ෂක හමුදා සාමාජිකයින් සමඟ එක්ව අනෙකුත් ආගම් අතර අවබෝධය හා දැනුම වැඩි දියුණු කිරීම.

5. විවිධ ප්‍රජාවන් අතර විවිධ සංස්කෘතික කටයුතු පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම.

6. දේශීය ප්‍රජාවගේ ආගමික හා සංස්කෘතික උත්සව සැමරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම මගින් විවිධ ජන කොටස් අතර හොඳ මිත්‍රතවය හා අවබෝධය ගොඩනැගීම.

7.දේශීය ජනගහනය හා ආරක්ෂක හමුදා අතර පරතරය පියවා ගැනීම.

8.දේශීය ජනගහනය කරා යා හැකි මාර්ගයක් ලෙස.

ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා යෝජිත සිදුවීම් සැලැස්ම

දෙමළ ‍තෛයි පොංගලේ දිනය

1. ආරක්ෂක සේනා ආඥාපතිවරයාගේ පණිවුඩය සමඟ හින්දු ප්‍රජාව අතරේ සුභ පැතුම් පත් බෙදා දීම.

2. ප්‍රධාන තෛයි පොංගල් උත්සවය කිලිනොච්චියේ කන්දසාමි පුලියාර් කෝවිලේ පැවැත්වීම.

3. සියලුම ඒකක මගින් තෛයි පොංගල් පුජා සදහා පිරිස් සහභාගී කරවීම හා පූජා පැවැත්වීම.

4.තෝරාගත් කෝවිල් සහ කෝවිල් පරිශ්‍ර පිරිසිදු කිරීම.

මහා ශ්‍රිව රාත්‍රී පුජාව

1. මහා ශ්‍රිව රාත්‍රී පූජාවන්ට සහභාගී වීම.

සිංහල හා දමිළ නව අවුරුදු උත්සවය

1. බළ ප්‍ර‍‍ෙද්ශය තුල නව අවුරුදු උත්සව සංවිධානය කිරීම

වෙසක් පුර පසලොස්වක පොහෝදිනය

1. සේනාංක මටිටමින් වෙසක් සැමරුම් උත්සව සංවිධානය කරනු ලැබේ.

2. කිලිනොචිච් නගරය කේන්ද්‍ර කරගනිමින් වෙසක් කලාපයක් සංවිධානය කරනු ලැබේ.

3. බළප්‍රෙද්ශය පුරා විවිධ ආකාරයේ දන්සැල් සංවිධානය කරනු ලැබේ.

රාමසාන් උත්සව දිනය

1. ආරක්ෂක සේනා ආඥාපතිවරයාගේ පණිවුඩය සමඟ මුස්ලිම් ප්‍රජාව අතරේ සුභ පැතුම් පත් බෙදා දීම.

නවරාත්‍රී උත්සවය

1. සියලුම ඒකක නියෝජනය වන පරිදි දින 9 ක් පුරා කෝවිල් ආශ්‍රව පූජාවල් වලට සහභාගී වීම.

දීපවාලි උත්සව දවස

1. ආරක්ෂක සේනා ආඥාපතිවරයාගේ පණිවුඩය සමඟ හින්දු ප්‍රජාව අතරේ සුභ පැතුම් පත් බෙදා දීම .

2. විශේෂ පූජාවල් සංවිධානය කිරීම.

නත්තල් උත්සවය

1. විශේෂ නත්තල් කැරොල් ගීතිකා වැඩසටහනක් නෙලුම් පියස ශ්‍රවණාගාරය තුල පැවැත්වීම.

2. විශේෂ නත්තල් උත්සව බළප්‍රෙද්ශය පුරා සංවිධානය කිරීම.