08th October 2019 08:34:22 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වි යුඑස්පි එන්ඩිසි නිලධාරි තුමන්ගේ සංකල්පයකට ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත දින දහයක කාලසීමාවක් ආවරණය කරමින් යෝගා වැඩසටහන් මාලාවක් මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයට අයත් ටෝච් සිනමා ශාලාවෙ පවත්වන ලදී.
08th October 2019 08:12:06 Hours
ආසේමු මධ්‍යම බළප්‍රදේශයේ පිහිටි කුඹල්වෙල ඇල්ල ප්‍රධාන මාර්ගයට 2019.10.02 වන දින කදුවැටියකින් පහළට පෙරලුන විශාල ගලක් වැටිම හේතුවෙන් ගමනා ගමන කටයුතු වලට මහත් අපහසුතා රැසක් සිදු වු අතර, ඒ සඳහා මෙම ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරි නියුතු නිලධාරියෙකු හා සෙසු නිලයින් දසදෙනෙකු එම ස්ථානය වෙත ගොස් මහත් පරිශ්‍රමයක් යොදවා එම ගල ඉවත් කොට ගමනා ගමන පහසුකම් යතාතත්වයට පත් කරන ලදි.
06th October 2019 15:38:47 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඇල්ල ප්‍රදේශයේ පසුදින වල ඇති වු ලැව් ගිණි හේතුවෙන් විනාශයට පත්වු ජල පෝෂක ප්‍රදේශයට නව අරුත්තක් ලබාදීමේ අරමුණින් යුතුව 2019 ඔක්තොමබර් මස 03 වන දින 0800 පැයේ සිට 1700 පැය දක්වා කාලය තුළ ඌව කරඳගොල්ල ග්‍රාමයේ රුක් රෝපණ වැඩසටහනක් කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ සිසු සිසුවියන්ගේ සහභගිත්වයෙන් හා මෙම ආසේමු හි රාජකාරියේ නියතු එක් නිලධාරියෙකු හා සෙසුනිලයින් දසදෙනෙකුගේ සහභිගිතවයෙන් සාර්ථකව පවත්වන ලදි. තවද, මෙම අවස්ථාව සදහා මෙම ආසේමු ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමා සහභාගි වු අතර, එතුමා විසින් එම ස්ථානයේ කොස්පැලයක්ද රෝපණය කරන ලදි.
01st October 2019 17:57:27 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයෙහි ඇති දියතලාව මහ විද්‍යාලයේ සියළුම ගුරුභවතුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ව මහජනතාවගේ සුභසිද්ධිය උදෙසා සහයවීම අරමුණු කර ගනිමින් දියතලාව මහ රෝහලේ ලේ බැංකුවේ පුර්ණ අධික්ෂණය හා සහය ඇතිව ලේ දන්දීමේ කඳවුරක් 2019 ඔක්තෝබර් මස 01 වන දින 0800 පැයේ සිට 1600 පැය දක්වා එම පාසල් පරිශ්‍රයේදි පවත්වන ලදී.
25th September 2019 21:43:05 Hours
මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කළගුනික තත්වය හේතුවෙන් යුද්ධ හමුදාධිපති තුමාන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සිවිල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ පුර්ණ අධීක්ෂනය මත ඩෙංගු මර්ධන වැඩසටහනක් 2019 සැප්තැම්බර් මස 25 වන දින 0800 පැයේ සිට 1600 පැය දක්වා පවත්වන ලදී.
19th September 2019 17:26:13 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් කඩුගන්නාව යටිනුවර ප්‍රාදේශීය ලේකම් කර්යාලය වෙතින් සංවිධානය කරන ලද සංස්කෘතික මංගල්‍ය 2019.09.05 සහ 06 වන දෙදින තුල කඩුගන්නාව සුනිල් එස් අබේසුන්ඳර ක්‍රිඩාංගනයේදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත් වන ලදී.
16th September 2019 10:51:08 Hours
ආරක්ෂ්ක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් වික්ටෝරිය ජලාශයේ ජල පෝෂක කලාපය තුල 2019.09.10 හා 11 යන දෙදිනයන් තුලදී වික්ටෝරියා ශ්‍රි ලංකා විදුලි බළමණ්ඩය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂනක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත 11 වන සේනාංක සේනාංකාධිපති තුමන්ගේ පුර්ණඅධික්ෂධණය යටතේ රුක් රොපණ වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදි.
16th September 2019 10:12:28 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම)හි භකාස ශාඛාවේ නව මාණ්ඩලික නිලධාරි 2 (සැපයුම්/ප්‍රවාහන) වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බළකායට අයත්, මේජර් ඒ එම් සි එම් අලහකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 සැප්තැම්බර් මස 12 වන දින පෙ:ව 0855 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
16th September 2019 09:59:09 Hours
ආරක්ෂක සේනා මධ් බළප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල බෝගහකුඹුර ප්‍රදේශයේ 2019.09.12 වන දින ප:ව 1730 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එම ස්ථානය වෙත 01 x 20 ක භඨපිරිස් ප්‍රමාණයක් රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපවත්වන ලදී.
10th September 2019 11:22:39 Hours
හල්දුමුල්ල ශ්‍රි සුධර්මාරාම පූරාණ විහාරස්ථානය මගින් 8 වන වරටත් සංවිධානය කරනු ලබන වාර්ශික නෙළුම් මල් පූජාව 2019.09.07 වන දිනට පැවැත් වීමට කටයුතු සූදානම් කර තිබුනු අතර, මෙම උත්සව අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය ලබා දෙන ලෙස එම විහාරයේ විහාරාධිපති පුජ්‍ය කහගොල්ලේ ආනන්ද හිමිපානන් වහන්සේ විසින් මෙම ආසේමු මධ්‍යම වෙතින් ඉල්ලීමක් කර ඇත.