12th July 2025 13:09:43 Hours
23 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ 8 වන අණදෙන නිලධාරි ලෙස මේජර් ඕ කේ කේ ගුණරත්න RWP RSP USP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.07.07 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් අණදෙන නිලධාරි තනතුරෙහි වැඩ භාරගන්නා ලදි.
05th July 2025 16:00:41 Hours
කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරන ලද රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා ආසේමූ (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක USP ජ්‍යෙෂ්ඨ නිලධාරී ගේ මඟ පෙන්වීම යටතේ 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් ටී ඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරී ගේ අධික්ෂණය යටතේ 12 පාසේමූ, 122 පාබසේමූ, 581 පාබසේමූ, 20 ශ්‍රීලංසිරෙ, 12 ගරෙ, 5 වීපාරෙ, 6 සබුබ සහ 10 ඉසේරෙ යන ස්ථානයන්ට අයත් භටපිරිස් සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව විසින් 2025 ජුලි 05 වන දින හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහල් පරිශ්‍රයේදී රුධිරය පරිත්‍යාග කරන ලදී.
04th July 2025 09:43:55 Hours
11 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටීසීඑම්ජිඑස්ටී කුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.07.04 වන දින, 11 වන පාබල සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන 10 වන ගජබා රෙජිමේන්තු ඒකකය වෙත සහ 2 (සෙව්) ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තු ඒකකයන් ස්ථානගත - මහනුවර නිරික්ෂණ සංචාරයක නිරත විය.
02nd July 2025 22:33:38 Hours
නීතිසේවා මානව හිම්කම් සහ මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුම් වලදී යුද්ධ හමුදාවේ කාර්යයභාරය පිළිබඳ දෙදින වැඩමුළුක් 2025.07.01 සහ 02 දිනයන්හිදී ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හිදී පැවැත්විණ.
01st July 2025 16:53:40 Hours
මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවන් 100 දෙනෙකු සඳහා නිළ ලාංඡන පැලඳවිමේ උත්සවයක් 2025.07.01 වන දින 0900 පැයට එම විද්‍යාලිය ශ්‍රවනාගාරයේදී පැවැත් වු අතර,එම පාසලේ විදුහල්පතිනියගේ ආරාධනයෙන් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී සී එම් ජී එස් ටී කුරේ RWP RSP USP ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදී.
01st July 2025 16:25:32 Hours
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව 12 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කටුවැව “ශාසනලෝක රජමහා විහාර” පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025.06.26 සහ 27 යන දිනයන්හීදී 12 වන පාබල සේනාංක මූලස්ථානයේ රාජකාරී කරනු ලබන භටපිරිස් විසින් සිදු කරන ලදි.
01st July 2025 16:25:32 Hours
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව 12 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කටුවැව “ශාසනලෝක රජමහා විහාර” පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025.06.26 සහ 27 යන දිනයන්හීදී 12 වන පාබල සේනාංක මූලස්ථානයේ රාජකාරී කරනු ලබන භටපිරිස් විසින් සිදු කරන ලදි.
28th June 2025 15:52:31 Hours
හන්තාන කඳු ප්‍රදේශය නැරඹීම සඳහා පැමිණ අතරමංවි සිටි තලාතුඔය රටේමුල්ල, ප්‍රදේශයේ පදිංච් අටදෙනෙකු (ගැහැණු 01- පිරිමි 07 ) යුත් කණ්ඩායමක් නිරුපද්‍රිතව බේරා ගැනීමට යුද්ධ හමුදා භට පිරිස් සමත්වි ඇත.
24th June 2025 16:06:56 Hours
11 වන පාබල සේනාංකයේ නව සේනාකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ටීසීඑම්ජිඑස්ටී කුරේ RWP RSP USP ndc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි මස 24 වන දින පාබල සේනාංක මුලස්ථානයේදි ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් හමුදා චාරිත්‍රානුකූලව නව ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
21st June 2025 15:59:12 Hours
11 වන පාබල සේනාංකයේ සේනාකාධිපති ලෙස රාජකාරින් ඉටුකරන ලද මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.06.21 වන දින සේනාකාධිපති රාජකාරින් අවසන් කර නික්මව යන ලදි.