03rd May 2018 12:14:41 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක හා 12 වන සේනාංක මුලස්ථාන වෙතින් ශ්‍රි සම්බුද්ධ තෙමඟුල සිහිකරමින් මෙවරත් ඉතා අලංකාර වත් වෙසක් කුඩු ප්‍රදර්ශණයක්, භක්තිගීත ප්‍රසංගයක් හා දන්සල් 2018 අප්‍රේල් මස 29 හා 30 යන දිනයන් හිදි එම සේනාංක මුලස්ථානයන්හිදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.
30th April 2018 15:31:42 Hours
ශ්‍රි සම්බුදු තෙමගුල සහිකරමින් රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම හා පූර්ණ අධික්ෂණය යටතේ මෙම මුලය වෙතින් සංවිධානය කරනු ලබන වෙසක් කලාපය සහ ස්වේචිඡා බළසේනා පුහුණු පාසලේ බැති ගී කණ්ඩායම හා ශ්‍රි පඤ්ඤාසාර දහමි පාසල දකුණු කැබිල්ලවල බණ්ඩාරවෙල දහමි පාසලේ සිසු සිසුවියන්ගේ බැති ගි ප්‍රසංගය දියතලාව මුතු කුමරු ක්රිඩාංගනෙය්දී 2018 අප්‍රේල් මස 29 වන දින සිට 30 දින දක්වා පැවැත්වේ.
23rd April 2018 11:37:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනංකය යටතේ ස්ථාපිත පල්ලෙකැලේ විරුකැකුළු පෙරපාසලෙහි ඉගෙනුම ලබන දරුදැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඉදිරිපත් කිරීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රීඩා උත්සවය මෙවරත් 2018.04.02 වන දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය වන චන්ද්‍රිකා සේනානායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම පෙරපාසල් භුමියේදි පවත්වන ලදි.
28th March 2018 12:52:15 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන දියතලාව විරුකැකුළු පෙරපාසලෙහි ඉගනුම ලබන දරුදැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඉදිරිපත් කිරීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රීඩා උත්සවය මෙවරත් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඡී ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසී පිඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2018.03.26 වන දින දියතලාව විරුකැකුළු පෙරපාසලේදී පවත්වන ලදි.
27th March 2018 17:03:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථනය (මධ්‍යම) වසර පහක් සපිරිම නිමිත්තෙන් ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ සුරතින් 2018.03.21 වන දින කොනොනි සමාජ ශාලාවේ නව පිවිසුම් මාර්ගය විවෘත කිරිම සිදුකරන ලදී.
18th March 2018 10:52:30 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වසර පහක් සපිරිම නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම සහ සහභාගිත්වය මත සිදුකරන ලදී.
11th March 2018 09:08:06 Hours
පසු ගිය දිනයන්හිදි මහනුවර දිස්ත්‍රික්කය තුල පැවති අර්බුදකාරි තත්වය පාලනය කිරිම හා සමතයකට පත්කිරිමේ විශේෂ සාකච්ඡාවක් යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සමුහ මෙහෙයුම් ආඥාපති වන මෙම ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම)ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩියු පිඑස්සි අයිජි හා සමුහ මෙහෙයුම් නියෝජ්‍ය ආඥාපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ල්විපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මහනුවර දි 2018 මාර්තු මස 08 වන දින පවත්වන ලදි.
09th March 2018 00:06:42 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ආඥාපති වන මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී දැනට මහනුවර දිස්ත්‍රික්කයේ උත්ගත වී තිබෙන අර්බුධකාරී තත්වය හේතුවෙන් ගරැ ආරක්ෂක ලේඛම් තුමාගේ උපදෙස් හා නියෝගයන්ට අනුව එම තත්වය යථා තත්වයට පත් කිරීමේ මෙහෙයුම සදහා සෘඡුවම නියෝගයන් ලබාදීමට හා එම නොසන්සුන්කාරී තත්වය ඇති වී තිබෙන ස්ථානයන් වෙත රාඡකාරී යොදවා සිටින යුධ, නාවික හා පොලිස් යන අංශයන් වෙත සෘඡු නියෝග ලබාදීම හා ඒවා ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන සමූහ මෙහෙයුම් ආඥාපති ලෙස මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී හා නියෝඡ්‍ය සමූහ මෙහෙයුම් ආඥාපති වශයෙන් 11 සේමු සේනාංකාධිපති මේඡර් ඡෙනරාල් ඒ ඩබිලිවි එමි ඒ ඩබිලිවි එමි එන් රණවක ආර්ඩබිලිවිපී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් 2018.03.07 වන දින සිට පත්කර ඇත.
20th February 2018 17:48:36 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහභාගීත්වයෙන් නවමි මස පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කොට දියතලාව බෝධිකන්ද බෝ මලුවෙිදී බෝධි පූඡා පිංකමක් 2018 ඡනවාරි මස 31 වන දින 1000 පැයට සිදුකරන ලදී.
20th February 2018 17:38:53 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී හමුවීම සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුහමු අනුමැතිය ඇතිව United States Pacific Commad නියෝඡනය කරමින් ඇමෙරිකා යුද්ධ හමුදාවේ සේවය කරන කපිතන් ඡෙෆ්රේ බෙන්ටන් (CAPT Jeffrey Benton) යන නිලධාරී සහ මා/සැරයන් සීන් අයර්ලනඩි (SFC Sean Ireland) යන ඡ්යෙකොනොනි 2018.01.30 වන දින මෙම මූල පරිශ්‍රය වෙත පැමිණෙන ලදී.