Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

මුල් පුවත

  • ආරක්ෂක සේනා නැගෙනහිර 23 වන ආඥාපති රාජකාරි අරඹයි

    08th May 2022 12:41:19 Hours

    ආරක්ෂක සේනා නැගෙනහිර 23 වන ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් ජිආර්ආර්පි ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 මැයි මස 06 වන දින සුභ මොහොතින් නව ධූරයෙහි රාජකාරි ආරම්භ කලේය. නව ආඥාපති තුමන් මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු මුරයකින් පිළිගත් අතර සරඹ භුමියේදි 4 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ජායනා මධ්‍යයේ නිළ ලේඛණයට අත්සන් තබමින් සිය ධූරයෙහි රාජකාරි භාරගැනිම සනිටුහන් කරන ලදි.

  • නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ධුරයෙන් නික්ම යයි

    08th May 2022 08:33:41 Hours

    ආඥාපති ආසේමු(නැ) ධුරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් පිඑම්එල් චන්ද්‍රසිරි ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් 2022 මැයි මස 05 දින ආසේමු(නැ) මූලස්ථානයේදි පැවැත්විණි. ආරක්ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත පැමිණි නික්ම යන ආරක්ෂක සේනා (නැ) ආඥාපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු මුරයක් පිරිනමනු ලැබූහ. ඉන් අනතුරුව සරඹ භුමියෙදි 4 වන ගැමුණු හේවා බළකායේ භඨපිරිස් විසින් නුදුරේදි විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත සම්මාන මුරයක් පිරිනැමුහ.

  • 12 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ භඨපිරිස්ගේ මූලිකත්වයෙන් තිකිලිවෙඩ්ඩායි පාසලේ සිසුන් සඳහා පාපැදි ලබා දෙයි.

    07th April 2022 10:31:31 Hours

    232 පාබල බලසේනාව සහ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ භඨපිරිස් විසින් කායන්කුඩා, තිකිලිවෙඩ්ඩායි පාසලේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් 15 දෙනෙකු සදහා පාපැදි පරිත්‍යාග කරන ලදි. 232 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් රුවන් විජේසූරිය ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මඟපෙන්වීම යටතේ, 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් දිනේෂ් සේනාරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් දිලිදු පවුල්වල සිසුන් තෝරා ගැනීමෙන් පසු පාපැදි පරිත්‍යාග කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදී. මේ සදහා ජනක සමරසේකර මහතා හා ඕස්ට්‍රේලියාවේ....

  • නැගෙනහිර ආණ්ඩුකාර තුමිය සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නෙළුගල ඵෙතිහාසික සිද්ධස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලිම සදහා නිරික්ෂණ සංචාරයක නිරත ව‍ෙයි

    25th February 2022 18:45:28 Hours

    යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් හා සංකල්පයකට අනුව, පුද්ගල හා සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරන විනාශයන් සහ ආක්‍රමණයන්ගෙන් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා, ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) තුමන් සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර වරිය 2022 පෙබරවාරි මස 22 දින පූජනීය නෙළුගල ඓතිහාසික පුදබිමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

  • 22 වන පාබල සේනාංකය විසින් නිෂ්පාදනය කරන ලද තවත් කාබනික පොහොර තොගයක් ලංකා පොහොර සංස්ථාව වෙත නිකුත් කෙරේ

    25th February 2022 18:18:35 Hours

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි රජයේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට ප්‍රබෝධයක් ලබාදෙමින් 22 වන පාබල සේනාංකය යටතේ ඇති භට පිරිස් විසින් නිෂ්පාදනය කරන ලද තවත් කාබනික පොහොර තොගයක් සීමාසහිත පොහොර සමාගම (ලක් පොහොර) වෙත භාරදිම ත්‍රිකුණාමලයේ පිහිටි 22 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රෙ‍යේදි සෙනසුරාදා දින (19) පැවැත්විණි.

  • ආරක්‍ෂ සේනා ආඥාපති - නැගෙනහිර සිය බළ ප්‍රදේශයේ සංචාරයක නිරත වෙයි

    25th February 2022 18:14:47 Hours

    ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරාල් පි එම් එල් චන්ද්‍රසිරි ඩබිඩබිවි ආර්ඩබිපි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි පෙබරවාරි 18, 19 සහ 20 යන තෙදින තුළ 22 වන පාබල සේනාංකයේ සහ ඒ යටතේ පාලනය වන 221, 222 සහ 223 පාබල බළසේනාවන්හි සංචාරයක නිරත විය.

  • ජාතික කාන්තා දිනය සැමරිම සදහා පොළොන්නරුවේ කාන්තාවන් අත්වැල් බැදගනි

    21st April 2018 16:11:00 Hours

    දියුණුවේ මංපෙත හෙලිකරයි ඇය සවිමත් යන තේමාව යටතේ යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් පරිදි කාන්තා හා ළමා කාර්යංෙශය හා ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය එක්ව 2018 මාර්තු 07 වන දින පොළොන්නරුව රාජකීය විද්යාංලීය ක්රි ඩාංගනයේ කාන්තා දින සැමරුම් උළෙලක් පවත්වන ලදි.