22nd April 2021 17:07:14 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම වෙතින් පවත්වාගෙන යනු ලබන ආධුනික පුහුණු මධ්‍යස්ථානය අසේමු (මධ්‍යම) ජාශිබ රන්ටැබේ ආධුනික පුහුණු පාඨමාලා අංක 01 හි ආරම්භක දේශණය ආධුනික සෙබළුන් 394 ක් සදහා ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ ආරම්භ කල අතර ආරම්භක දේශණය සඳහා 11 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්එම්එස්පීබී සමරකෝන් ආර්ඩබ්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගීත්වයෙන් 2021.04.16 වන දින පවත්වන ලදි.
11th April 2021 09:57:36 Hours
12 පාබල සේනාංක මූලස්ථානයේ 10 වන සංවත්සර දිනය 2021.04.02 දිනට යෙදී තිබූ අතර එයට සමඟාමීව 12 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර් ඒ ඩී පී රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් වැඩසටහන් මාලාවක් පවත්වන ලදි.
08th April 2021 12:01:50 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත GIS තාක්ෂණය පිළිබද දේශණයක් 2021.04.07 වන දින 0930 පැයේ සිට 1230 පැය දක්වා දියතලාව මැනුම් හා සිතියම්ගත කිරිමේ ආයතන දේශණ ශාලාවේදී පවත්වන ලදි.
06th April 2021 14:45:32 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් 11 පාබල සේනාංකය වෙත ඉන්දියානු සහකාර මහකොමසාරිස් රාකේස් නට්රාජ් මහතා 2021 මාර්තු මස 31 වන දින 11 පාබල සේනාංකයේ සංචාරයක නිරත විය. 11 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් එම් එස් පී බී සමරකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සමග පිළිසදරක නිරත වු අතර, එහිදි දෙරට අතර සම්බන්ධතාවයන් මෙන්ම පවතින කොවිඩි - 19 වසංගත තත්වය පිළිබදවද සාකචිජා කල අතර, මෙම සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණයන් ද හුවමාරු කරගන්නා ලදි.
05th April 2021 19:49:21 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන පාබල සේනාංක බළප්‍රදේශයට අයත් හම්බන්තොට ඵුස්ස දේව රජමහා විහාර භුමිය අවට 2021.03.27 දින සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදි.
05th April 2021 17:55:42 Hours
පවතින කොවිඩ් 19 වෛරසය හේතුවෙන් දිවයින තුල ඇති වී තිබෙන රුධිර අවශ්‍යතාවය වෙනුවෙන් පේරාදෙණිය මහ රෝහලේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මහනුවර ශාඛාව වෙතින් 11 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති තුමාගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය යටතේ 2021.03.29 වන දින ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.
25th March 2021 15:49:54 Hours
බදුල්ල - බිබිල ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ මඟි ප්‍රවාහන බස් රථයක් 2021.03.19 වන දින උදෑසන පස්සර ප්‍රදේශයේ පිහිටි 13 වන සැතපුම් කණුව අසලදී අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් ඇති අතර, මේ වනවිට 11 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 112 පාබල බලසේනාවේ භටපිරිස් අනතුරට පත් මඟීන් මුදවා ගැනීමේ මෙහෙයුම්වල නිරත වන ලදී.
22nd March 2021 18:42:11 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ ස්ථාපිත 12 වන පාබල සේනාංකයට අයත් 122 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන ගජබා රෙජිමේන්තුවේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය ඉරිදා (14) දින කතරගම සහ ඒ අවට ප්‍රදේශවල සිට වැඩිහිටිකන්ද දක්වා ගමන් ගන්නා මාර්ගය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී.
23rd February 2021 20:18:19 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ පූර්ණ අනුමැතිය හා උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණය මත යුද්ධ හමුදා යභසාධක අරමුදලට අදාලව යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින්සිදුකරනු ලබන කාර්යයන්, ලබාගත හැකි සේවාවන් සහ ප්රතිලාභ හිමිවන ආකරය පිලිබදව දැනුවත් කිරිමේ දේශණයක් 2021.02.22 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සෙසුනිල භෝජනාගාර ශාලාවේදී පවත්වන ලදි.
23rd February 2021 19:56:18 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් ප්‍රමා තනතුර වශයෙන් ශ්‍රී ලංකා සංඥා බලකායට අයත්, නි/61415 බ්‍රිගේඩියර් කේ ඒ ඩබ්ලිව් එස් රත්නායක එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021 පෙබරවාරි මස 18 වන දින පෙ:ව 1020 පැයට යෙදෙන සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.