30th July 2018 10:14:42 Hours
බණ්ඩාරවෙල මහා නගර සභාව මගින් සංවිධානය කරන ලද නගර අලංකරන හා ඩෙංගු මර්ධනය කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් බණ්ඩාරවෙල රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන එක්ව 2018.07.28 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා කාලය තුල පවත්වන ලදි.
29th July 2018 20:05:38 Hours
සේවා වානිතා ශාඛාව මගින් පාලනය වන 11 සේනාංක මුලස්ථානය යටතේ ස්ථාපිත පල්ලේකැලේ විරුකැකුළු පෙර පාසලෙහි දරු දැරියන්ගේ වාර්ෂිකව පවත්වනු ලබන සිගිති පොළ මෙවරද සේවා වනිතා ශාඛාවේ සාමාජිකාව වන චාන්දනී හේරත් මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2018.07.26 වන දින 0900 පැයට එම පෙර පාසල් පරිශ්‍රයේදි පවත්වන ලදි
29th July 2018 19:43:09 Hours
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද පාසල් ළමුන් හා ළමා සමාජ නායකයින් හට එක් දින නායකත්ව පුහුණු වැඩමුළුවක් 2018.07.27 වන දින 0900 පැයේ සිට 1500 පැය දක්වා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදි පවත්වන ලදි.
29th July 2018 18:48:21 Hours
මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 112 වන බළසේනා මුලස්ථාන බළප්‍රදේශයට අයත් හාලිඇල වක්කුඹුර ග්‍රාමයේ පදිංචි මියගිය ලාන්ස් කෝප්රල් රංබන්ඩාගේ මව විසින් යුද්ධ හමුදාධිපති තුමාගෙන් තම නිවසට පැමිණෙන මාර්ගයේ සිටුවා ඇති විදුලි රැහැන් කණුව ඉවත් කර දෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් පරිදි මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ 2018.07.26 වන දින එම විදුලි රැහැන් කණුව ගලවා ඉවත් කරන ලදි.
25th July 2018 15:26:45 Hours
සේවා වනිතා ශාඛාව මගින් පාලනය වන මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ ස්ථාපිත දියතලාව විරුකැකුළු පෙරපාසලෙහි දරු දැරියන්ගේ වාර්ෂිකව පවත්වනු ලබන සිගිති පොළ මෙවරද දියතලාව විරුකැකුළු පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකාව වන තනුජා ඩයස් මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2018.07.25 වන දින 0900 පැයට එම පෙරපාසල් පරිශ්‍රයේදි පවත්වන ලදි
24th July 2018 22:08:00 Hours
23rd July 2018 20:37:52 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් උඩහාවර ප්‍රදේශයේ 2018.07.22 යන දින හදිසි ගිනි ගැනීමක් ඇතිවු අතර, එම ගිනි ගැනීම් සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනි ගැනීම මැඩපැවැත්වීමට කටයුතු සිදුකරන ලදි
23rd July 2018 20:11:34 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල එළදළුව මර්ගයේ මහවත්තේගම නුගේ හංදිය කෝවිල අසල පිහිටි නුග ගසක අතු කඩා වැටිම හේතුවෙන් 2018 ජුලි මස 18 වන දින නිවාස කිහිපයකට අලාභහනි සිදු වු අතර එය සැලවිමත් සමඟ 112 බළ සේනාවේ බළ සේනාධිපති බ්‍රිගේඩියර් එම් ඩබ්ලිව් එ එ විජේසුරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත එය යථාතත්වයට පත්කරන ලදි
23rd July 2018 19:37:21 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ හපුතලේ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් බෙරගල කන්ඳ 2018.07.22 යන දින හදිසි ගිනි ගැනීමක් ඇතිවු අතර, එම ගිනි ගැනීම් සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනි ගැනීම සම්පුර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු සිදු කරන ලදි
23rd July 2018 19:01:27 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් වලපනේ , මිල්ලපිටිය ප්‍රාදේශීය 2018.07.21 යන දින හදිසි ගිනි ගැනීමක් ඇතිවු අතර, එම ගිනි ගැනීම් සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනි ගැනීම මැඩපැවැත්වීමට කටයුතු සිදුකරන ලදි