15th September 2018 12:12:09 Hours
රුහුණු විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු/සිසුවියන් හට නායකත්ව පුහුණු වැඩමුළුවක් සිදු කිරිමට එම විශ්ව විද්‍යාලය වෙතින් යුද්ධ හමුදාධිපති තුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ් සේනානායක ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි සිජිඑස්ඒසිජිඑස්සි යන නිළධාරිගේ උපදෙස් හා මගපෙන්විම මත මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ 2018.09.14 වන දින උදැසන 0800 පැයේ සිට 1600 පැය දක්වා රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණික අංශය හදාරණ සිසු/සිසුවියන් හට නායකත්ව වැඩමුළුවක් පවත් වන ලදි.
14th September 2018 20:49:26 Hours
ආරක්ෂක සේනා (මධ්යඳම) බලප්රකදේශයට අයත් බණ්ඩාරවෙල ප්රාුදේශිය ලේඛම් කොට්ඨාශයේ බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍යව මහ විද්යාසලය වෙතින් ලේ දන්දිමේ කඳවුරක් 2018.09.13 වන දින එම පාසල් පරිශ්රායේදි පවත්වන ලද අතර, එම ලේ දන්දිමේ කඳවුර සඳහා ලේ පරිත්යාිගශීලින්ගේ දායකත්වය ලබා දෙන ලෙස ධර්මාශෝක මධ්‍යව මහ විද්යානලයේ විදුහල්පති විසින් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්යෙතෂ්ඨ නිලධාරි තුමාගෙන් කරන ලද ඉල්ලිමකට අනුව ආඥාපති තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම මත මෙම මුලයේ හා යටතේ පාලනය වන ඒකකයන්හි රාජකාරි නියුතු භඨපිරිස් 00 x 20 ක් විසින් රුධිරය පරිත්යාකග කරමින් තම දායකත්වය ලබාදෙන ලදි.
14th September 2018 20:18:43 Hours
ඉදිරි වර්ෂා කාලයෙදි මෙම ප්‍රදේශයේ ඇති වන හදිසි ආපදා තත්වයන් වලදි ඒ සදහ සර්ථකව සහන සේවාවන් ඉටුකිරිම අරමුණු කර ගනිමින් ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශයට අයත් වැලිමඩ ප්රොදේශිය ලේඛම් කොට්ඨාශයේ බොරලන්ද ප්‍රදේශයේ දි හදිසි ආපදා සහන පෙරහුරු වැඩසටහනක් 2018.09.14 වන දින පවත්වන ලදී.
13th September 2018 21:48:02 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංක බළප්‍රදේශයට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රදේශයේ පිහිටා ඇති කඩුවෙල ශ්‍රි සුබෝධාරාම විහාරස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් සඳහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව 11 සේමු යටතේ රජකාරි නියුතු 1 ශ්‍රිලංරබ ඒකකයේ වෙතින් 00 x 07 භඨපිරිස් යොදවා 2018.09.11 වන දින ශ්‍රමදාන කටයුත්ත සිදුකරන ලදි .
13th September 2018 09:25:32 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයෙහි පිහිටා ඇති හපුතලේ යාහලබැද්ද විද්‍යාලයෙහි විදුහල්පති විසින් ශ්‍රමදාන කටයුක්තක් සදහා භඨපිරිස්හි දායකත්වය ලබා දෙනමෙන් මෙම මුල ආඥාපති වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදේස් හා මගපෙන්වීම යටතේ භඨපිරිස්හි දායකත්වය ලබාදෙන ලදි.
10th September 2018 09:44:17 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංක මුල බළප්‍රදේශයේ මහනුවර ඩෙන්සිල් කොබ්බෑකඩුව උද්යාණයේදී ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව (මියගිය) ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ 26 වන ගුණ සමරු උත්සවය 2018.09.08 වන දින 1030 පැයට මහනුවර නගරාධිපති කේසර ඩී සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
09th September 2018 07:11:35 Hours
කොස් පැල දසලක්ෂයක් සිටුවිමේ ව්‍යාපෘතිය යටතේ මෙම ආසේමු බළප්‍රදේශයේ කොස්පැල සිටුවීමේ උත්සවය බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කහත්තේවෙල ග්‍රාමයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැති තුමාගේ ප්‍රධානත්වයෙන් 2018.09.07 වන දින 1600 පැයට සිදුකරන ලදි.
08th September 2018 08:42:32 Hours
හපුතලේ නගර සභාව මගින් සංවිධානය කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහනක් හපුතලේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන එක්ව 2018.09.06 වන දින 0900 පැයේ සිට 1230 පැය දක්වා කාලය තුල පවත්වන ලදි.
04th September 2018 15:21:17 Hours
පසුගිය දින වල දිවයිනට බලපා තිබු අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවිමේ අවදානමක් පවතින බැවින්, එම ඩෙංගු බෝවිමේ ආවධානම අවම කිරිමේ අරමුණින් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්විමෙන් මෙම අරක්ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයට අයත් සියළුම දිස්ත්‍රික්ක වන මහනුවර, නුවරඑළිය, මතලේ, බදුල්ල, මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහනක් 2018.09.01 හා 02 වන දින පවත්වන ලදි.
03rd September 2018 18:11:51 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේමු බළප්‍රදේශයට පසුගිය දින වල ඇද හැලුනු අධික වර්ෂාවත් සමග නුවරඑළිය ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් " Underbank" ප්‍රදේශයට පිවිසෙන මාර්ගය ගිලා බැසිම හේතුවෙන් ගම්වාසින්ගේ දෛනික අවශ්‍යතාවයන් සිදුකර ගැනිමට නොහැකිවීම හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව සිටි අතර, එම මාර්ගය යථාතත්වයට පත්කිරිම සදහා 2018.08.26 හා 27 යන දෙදින තුල යුධ හාමුදා සෙබළුන් 04X26 කගේ සහභාගිත්වයෙන් ආපදා සහන වැඩසටහනක් පවත්වන ලදි.