07th November 2022 11:21:19 Hours
23 පාබල සේනාංකයේ පාබල බලඇණි පුහුණු පාසලේදී 2022 අගෝස්තු 05 සිට 2022 ඔක්තෝබර් 22 වන දින දක්වා පුරා දින 48 නිළධාරින් හා සෙසුනිළයින් 382 ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබු බළඇණි පුහුණු පඨමාලාව 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් සාර්ථකව නිම කරන ලදී.
07th November 2022 10:29:47 Hours
7 වන බුද්ධි බළකායේ භඨපිරිස් වෙත ලැබුනු තොරතුරකට අනුව කුච්චවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග සාගරපුර ප්‍රදේශයේ දි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි කේරළ ගංජා ග්‍රෑම් 10 සමග පුද්ගලයකු හා ඔහු ලග තිබු රුපියල් 6500 මුදලක් නොවැම්බර් 04 වන දින අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සඳහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
05th November 2022 19:43:39 Hours
3 (සෙව්) බුද්ධි බළකායට ලැබුණු තොරතුරකට අනුව භඨ පිරිස් හා කදිරවේලි විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව කල සොදිස්සි මෙහෙයුමකදි නාවල්අඩි ප්‍රදේශයේදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 හා 600 mg සමග එක් සැක කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම (රු 270000) වන අතර තවද ඔහු ලග තිබි රුපියල් 34500 ක මුදලක්. ජංගම දුරකථන දෙකක් සහ ඔහුගේ මෝටර් සයිකලය 2022 නොවැම්බර් 03 අත්අඩංගුවට ගැන ඉදිරි විමර්ශන සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත
02nd November 2022 10:30:30 Hours
7 වන හමුදා බුද්ධි බළකායට ලැබුණු තොරතුරකට අනුව යුධ හමුදා භඨපිරිස් හා කන්තලේ පොලිස් නිළධාරින් සමඟ එක්ව ඔක්තෝම්බර් 31 වන දින නිධන් හෑරීමේ නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකු සමග නිධන් හැරිම සදහා යොදාගත් යකඩ ඉනි දෙකක් සහ වතුර පොම්පයක් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සඳහා කන්තලේ පොලිස්ථානය වෙත භාරදෙන ලදි.
01st November 2022 08:56:23 Hours
7 වන බුද්ධි බළකායේ භඨ පිරිස් හා (222 පාබල බලසේනාවට අනුයුක්ත) සූරියපුර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පසුගිය ඔක්තෝබර් 29 දින හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 මිලි ග්‍රෑම් 700ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවා වැඩිදුර විමර්ශන සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර ඇත.
26th October 2022 16:38:38 Hours
ශ්‍රි ලංකා යුධහමුදා 7 වන බුද්ධි බළකායේ භඨ පිරිස් විසින් කන්තලේ පොලිස් නිලධාරීන් සමඟ ලද තොරතුරකට අනුව, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine ) මිලිග්‍රෑම් 180 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර. සැකකරු ඉදිරි විමර්ශන සඳහා කන්තලේ පොලිස් ස්ථාන වෙත භාර දෙන ලදි.
17th October 2022 11:43:46 Hours
ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන නිළධාරීගේ සංකල්පයක් මත 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් සහ 241 වන පාබල බළසේනාවේ...
17th October 2022 11:22:16 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම සහ...
17th October 2022 11:09:32 Hours
ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් සහ 241 පාබල බළසේනාවේ...
17th October 2022 11:00:51 Hours
ආරක්ෂක සේනා - නැගෙනහිර ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් සහ 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති, බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය යටතේ 4 වන ගැමුණු හේවා බළඇණිය විසින් වියළි සලාක සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022 ඔක්තෝබර් මස (10) දින උන්නච්චිය "ධීවර සමිති" ශාලා පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.