Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

මුල් පුවත

  • 12 ශ්‍රිලංඡාආබමු භට පිරිස් විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක ඇසුරුම් සහ පාසල් උපාංග ලබා දෙයි

    24th September 2023 13:38:03 Hours

    නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිවරයාගේ සංකල්පය වන්නේ දිළිඳු තත්ත්වයන් යටතේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වලට යම් සහනයක් ලබාදීම සහ අඩු වරප්‍රසාද ලත් දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය අධ්‍යාපන පහසුකම් ලබාදීමයි.

    එම උදාර සංකල්පය ඉදිරියට ගෙනයෑමේ තවත් එක් පියවරක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉරාල්කුලම් ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 50ක් සඳහා රුපියල් 7600.00 බැගින් වටිනා වියළි සලාක මලු 50ක් බෙදා දෙන ලදී. තවද, ඉරල්කුලම් රජයේ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන දරුවන් 41 දෙනෙකුට සහ පෙරියවඩ්ඩුවාන් පාසලේ ඉගෙනුම ලබන ළමුන් 17 දෙනෙකුට රුපියල් 200,000.00 වටිනා පාසල් උපාංග කට්ටල එදිනම පරිත්‍යාග කරන ලදී. මෙම වැඩසටහන 2023 සැප්තැම්බර් මස 23 දින ඉරාල්කුලම් රජයේ මිශ්‍ර පාසලේදී පවත්වන ලදී.

  • ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර වෙත සංචාරයක

    20th September 2023 14:16:52 Hours

    කොළඹ, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් 2023 සැප්තැම්බර් මස 18 වැනි සඳුදා දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙත සංචාරයක නිරත විය. කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක වැඩසටහන් නිලධාරී හර්ෂ සේනානායක මහතා සහ හමුදා පොලිස් ආරක්‍ෂක සේවයේ රොන් බෙබුස්චේර් මහතා විසින් නැගෙනහිර පළාතේ හදිසි අවස්ථා ව්‍යාප්ති සුදානම පිලිබද සාකච්ඡා කිරිම සදහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හමුවන ලදි.

  • ආඥාපති ආසේ(නැ) 4 ගැහේබ බලඇණි පුහුණු පාඨමාලාවේ ආරම්භක දේශනයට සහභාගී වෙයි

    19th September 2023 10:49:36 Hours

    4 වන බළඇණිය ගැමුණු හේවා බළඇණිය විසින් 2023 සැප්තැම්බර් මස18 දින පූනානි බළඇණි පුහුණු පාසලේදී බළඇණි පුහුණුව ආරම්භ කරන ලද අතර, එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගි වූ අතර ආරම්භක දේශනයද පවත්වන ලදී. නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා සෙබළෙකු ලෙස මෙම පුහුණුවේ වටිනාකම භට පිරිස් වෙත අවධාරණය කළේය. එමෙන්ම පුහුණුවීම් කටයුතු සාර්ථක කර ගැනීමට සහභාගී වූ සියලුම දෙනාට සුබ පැතුම් එක් කළේය.

  • පොලොන්නරුව ප්‍රදේශයේ සිවිල් වැසියන් සදහා වෛද්‍ය සායනයක් පැවැත්වීම

    14th September 2023 12:27:20 Hours

    ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ යු පි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ, 23 වන පාබල සේනාංකයේ මේජර් ජෙනරාල් කේ වි එන් පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ, 9 වන ශ්‍රි ලංකා කාලතුවක්කු රෙඡිමේන්තුවේ භටපිරිස් ගේ සහාය ඇතිව. පොලොන්නරුව ප්‍රදේශයේ දිළිදු සිවිල් වැසියන්ගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම සදහා සාමය උදෙසා අන්තර් ආගමික සංධානයේ අනුග්‍රහක දායකත්වයෙන් වෛද්‍ය සායනයක් 2023.09.13 වන දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.

  • ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් "මත්ද්‍රව්‍ය නිවාරණ" වැඩසටහනක් සංවිධානය කරයි

    13th September 2023 13:10:20 Hours

    ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරල් එම්කේයූපී ගුණරත්න ආර්එස්පී එන්ඩියූ පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ සංකල්පයකට අනුව කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනයේ සභාපති රවුෆ් මජීත් ඇතුළු එම සම්මේලනයේ නියෝජිතයින්ගේ සහයෝගය ඇතිව කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේදීපාසල් ළමුන් ඇතුළු තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වලක්වා ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 සැප්තැම්බර් මස 12 වන දින පවත්වන ලදී.

  • නැගෙනහිර ආඥාපති 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ භට පිරිස් හමුවෙයි

    03rd September 2023 11:47:59 Hours

    නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ යූ පී ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි, ත්‍රිකුණාමලයේ 22 වන පාබල සේනාංකයේ සහ එහි අණ යටතේ ඇති පාබල බලසේනාවල 2023 අගෝස්තු මස 31 සහ සැප්තැම්බර් මස 01 යන දිනවල සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

  • නැගෙනහිර නව ආඥාපති 24 වන පාබල සේනාංකයේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදි

    25th August 2023 12:17:38 Hours

    ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) - මේජර් ජෙනරාල් එම්කේයූපි ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව 2023 අගෝස්තු මස 21 වන දින අම්පාර, 24 වන පාබල සේනාංක මූලස්ථානය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.

  • නැගෙනහිර ආඥාපති පූනානි ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩා සංකීර්ණය සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත සංචාරයක

    18th August 2023 21:55:18 Hours

    මේජර් ජෙනරාල් එම් කේ යූ පී ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරී නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු 2023 අගෝස්තු මස 16 දින 23 වන පාබල සේනාංකයේ සංචාරය අතරතුර පූනානි ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩා සංකීර්ණය සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත සංචාරය කලේය.

  • නැගෙනහිර ආඥාපති 23 වන පාබල සේනාංකයේ සංචාරයක

    17th August 2023 22:57:19 Hours

    නව නැගෙනහිර ආඥාපති ලෙස පත් වූ මේජර් ජෙනරාල් එම් කේ යු පි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 අගෝස්තු මස 16 දින පූනානි හි පිහිටි 23 වන පාබල සේනාංක මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

  • නව නැගෙනහිර ආඥාපති, ධූරයේ රාජකාරි අරඹයි

    14th August 2023 21:59:50 Hours

    ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එම් කේ යූ පී ගුණරත්න ආර්එස්පී එන්ඩියු පීඑස්සී අයිජි ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපතිවරයා ලෙස 2023 අගෝස්තු 14 දින ආගමික ආශිර්වාද සහ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.