08th November 2023 08:59:42 Hours
4 ගැමුණු හේවා බළඇණියේ බලඇණි පුහුණු පාඨමාලාව නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයින් 286 දෙනෙකු සමඟ 2023 සැප්තැම්බර් 18 වන දින පූනානි බලඇණි පුහුණු පාසලේදී ආරම්භ විය. පාඨමාලාව 2023 නොවැම්බර් 06 දින ඉතා සාර්ථක සටහනක් සමඟින් අවසන් කරන ලදී.
04th November 2023 10:34:06 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පීය මගපෙන්වීම යටතේ, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති , මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ, 15 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ජේ ශ්‍රීපති මහත්මියගේ ඉල්ලීම පරිදි තම ආබාධිත දියණිය සහ පවුලේ අය සමඟ තඹලගමුව ප්‍රදේශයේ පැල්පත් නිවාසයේ පදිංචිව සිටි වේලායුදම් ලිංගේෂ්වරම් ෂර්මා මහතා වෙත නව නිවසක් ඉදිකර දෙන ලදී.
04th November 2023 10:20:59 Hours
හිටපු ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් පිඑස්සි ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත ආරක්ෂක සේනා (නැගෙනහිර) ප්‍රදේශයට අයත් අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් සඳහා දින 02 ක වැඩමුළුවක් ජූලි මස සංවිධානය කරන ලදී.
04th November 2023 10:14:55 Hours
අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් 231 වන පාබල බලසේනාව විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල ප්‍රදේශයේ පදිංචි ගැබිණි මව්වරුන් 75 දෙනෙකු සඳහා වියළි සලාක ඇසුරුම් බෙදාදීමේ වැඩසටහනක් 2022.11.02 වන දින අරලගංවිල “ප්‍රතිභා” ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සී අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි.
03rd November 2023 07:12:27 Hours
20 වැනි සංවත්සරයට සමගාමීව පොළොන්නරුව ලේ බැංකුවේ සහයෝගය සමගින් ලේ දන්දීමේ වැඩසටහනක් අඟහරුවාදා (නොවැම්බර් 02) දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් සන්විධානය කරන ලදී. සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් 100 කට අධික පිරිසක් ලේ දන්දීමේ වැඩසටහන සදහා තම ලේ පරිත්‍යාග කල අතර මූලස්ථාන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිඡි ඡ්‍යෙෂඨ නිලධාරි විසින්ද 20 වන සංවත්සරය නිමිත්තෙන් ලේ පරිත්‍යාග කිරිම සිදු කළේය.
02nd November 2023 09:05:45 Hours
ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) 20 වන සංවත්සරය 2023 ඔක්තෝබර් 31 වන දින නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිඡි ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ලබා දෙන ලද මාර්ගෝපදේශ අනුව වැඩසටහන් මාලාවක් සිදුකරමින් අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී
27th October 2023 13:50:44 Hours
ආරකෂක සේනා මුළස්ථානය නැගෙනහිර ආඥාපති තුමාගේ හා 23 වන පාබල සේනාංක මුළස්ථානයේ සේනාංකාධිපති හා 233 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ පුර්ණ අධික්ෂණය සහ මග පෙන්විම යටතේ 9 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ භඨ පිරිස් විසින් අංක 163 මහවැව කොළකණවාඩිය ලිපිනයෙහි කුඩා පැල්පතක පදිංචිව සිට පිය සෙනෙහස කුඩා කල්හිදි අහිමි වු තම අබාධිත මව හා මිත්තනිය සමග ජිවත්වන 8 හැවරදි නිලුෂ චමිදු කුමාර පුතනුවන් හට අංග සම්පුර්ණ නිවසක් පරිත්‍යාග කරයි.
25th October 2023 11:19:29 Hours
2023 ඔක්තෝබර් මස 24 දින ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකායේ 440 සංයුක්ත බලඝණයේ නව සලාක ගබඩා ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි අවස්ථාවේදී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි ඒන්ඩියු පිඑස්සි අයිජිජ්යෙෂ්ඨ නිලධාරී 23 පාබල සේනාංකය විසින් රතු පලස් අතුරා පිළිගන්නා ලදී.
22nd October 2023 09:10:27 Hours
අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් 243 වන පාබල බලසේනාව විසින් 2023 ඔක්තෝබර් මස 20 වන දින මඩකලපුව දිස්ත්‍රික්, කොක්කඩිචෝල ප්‍රදේශයේ පදිංචි අසරණ දමිළ ගැබිණි මව්වරුන් 100 දෙනෙකු සඳහා කොක්කඩිචෝල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පෝෂණ වියළි සලාක මල්ලක් බෙදා දීමට සමත් විය.
03rd October 2023 10:01:50 Hours
ලෝක ළමා දිනයට සමගාමීව 243 පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද ළමා දින වැඩසටහන 2023 ඔක්තෝම්බර් මස 01 දින මඩකලපුව ප්‍රදීපාගාර ළමා උද්‍යානයේදී පවත්වන ලදී.