12th April 2018 17:53:12 Hours
මෙම ආරක්ෂකසේනා මුලස්ථානය යටතේ ඇති 12 සේනාංක මුලස්ථානය මගින් පාලනය වන 18 ගැහේබ බළඇණිය තම වාරයේ බළඇණි පුහුණු පාඨමාළාව මෙම ආරක්ෂක සේනා මුලස්ථාන පුර්ණ අධීක්ෂණය යටතේ 2018.02.16 වන දින ආරමිභ කර 2018.04.10 වන දින සාර්ථකව අවසන් කරන ලදි. එහි දී බළඇණියේ කණ්ඩායම් මගින් පහත සඳහන් විෂයන් යටතේ (presentation) ඉදිරිපත් කිරිම 2018.04.10 වන දින සිදු කරන ලදි.
09th April 2018 19:51:49 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළ ප්‍රදේශයට අයත් නුවරඑළිය නගරයේ වාර්ෂිකව පවතව වසන්ත සැණකෙලිය පැවති සමයේ නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව ඉවතලන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත හා 3 වන(සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධික්ෂණය යටතේ 2018 අප්‍රේල් මස 08 වන දින නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී සිදු කරන ලදි.
09th April 2018 13:08:21 Hours
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන බක්මාහ උලේල මෙවරත් 11 වන සේනංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් රණවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 1 ශ්‍රි ලංකා රයිෆල් බළකා ඒකක ක්‍රිඩාංගනයේදි 2018.04.06 වන දිනය පුරා පවත්වන ලදි.
07th April 2018 09:46:22 Hours
අතිතයේ සිට ශ්‍රි ලංකාව හා තායිලන්තය අතර පැවති මිතුදම තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණ පෙරදැරිකර ගනිමින් තායිලන්ත භික්ෂුන් වහන්සේලා හා භික්ෂුණින් වහන්සේලාගේ ශ්‍රි ලංකා සංචාරයට සමඟාමිව මහනුවර ප්‍රදේශයේ සංචාරයක් 2018 අප්‍රේල් මස 02 සිට 04 වන දින දක්වා සිදු කරන ලදි.
06th April 2018 08:15:36 Hours
යුධ හමුදා සාමාජිකයින් වෙත මානව හිම්කමී හා මානුෂවාදි නිතිය පිලිබද දැනුවත් කිරිමේ වැඩමුලුවක් මානව හිම්කමී හා මානුෂවාදි නිති අධ්‍යකෂ මණ්ඩලයේ උපදෙස් පරිදි මෙම ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිළධාරි තුමාගේ පුර්ණ මගපෙන්වීම මත බදාදා පුහුණු වීම් වැඩසටහනට සමගාමීව මානව හිමිකම් කොමිෂන් සභාව වෙතින් අසේමු (මධ්‍යම) හා යටතේ පාලනය වන සියලුම ඒකකයන් හා පුහුණු පාසල්හි රාජකාරි කරනු ලබන නිළධාරි/සෙසුනිළයින් 14 x 259 දෙනකුගේ සහභාගිත්වයෙන් අගනා දේශණයක් ඌව පලාත් ප්‍රාදේශිය සම්බන්ධිකරණ නිලධාරි ජගත් වික්‍රමසිංහ මහතා විසින් යුද්ධ හමුදා විද්‍යාපිඨ ටෝච් සිනමා ශාලාවේදි 2018.04.04 වන දින පවත්වන ලදී.
05th April 2018 11:56:39 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනංකය යටතේ ස්ථාපිත පල්ලේකැලේ විරුකැකුළු පෙරපාසලෙහි ඉගෙනුම ලබන දරුදැරියන්ගේ ක්‍රිඩා කෞශල්යන් ඉදිරිපත් කිරීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රිඩා උත්සවය මෙවරත් 2018.04.02 වන දින යුද්ධ හාමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය වන චන්ද්රි සේනානායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම පෙරපාසල් භුමියේදි පවත්වන ලදි.
01st April 2018 21:24:10 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 112 බළසේනා මුලස්ථානය යටතේ රාජකාරි නියුතු 19 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලුව වෙතින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයේ පිහිටි වෙරළුගස්තැන්න ශ්‍රි සුමනාරාම විහාරස්ථානයේ සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2018 මාර්තු මස 25 වන දින සිදුකරන ලදි.
01st April 2018 21:15:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) බලප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය දිනයන්හි ඇතිවු කලහාකාරි තත්වය හේතුවෙන් විනාශ වු ගොඩනැගිලිවල සුන්බුන් ඉවත් කිරිමේ වැඩසටහනක් යුද්ධ හමුදාධිපති තුමාගේ උපදෙස් මත 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ල්විපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්වීම යටතේ 2018.03.30 වන දින සිදු කරන ලදි.
30th March 2018 18:03:08 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය දිනයන්හි ඇතිවු කලහාකාරි තත්වය හේතුවෙන් විනාශ වු ගොඩනැගිලිවල සුන්බුන් ඉවත් කිරිමේ වැඩසටහනක් යුද්ධ හමුදාධිපති තුමාගේ උපදෙස් මත 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ල්විපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්වීම යටතේ 2018.03.28 වන දින සිදු කරන ලදි.
30th March 2018 17:44:02 Hours
යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදි මෙම ආරක්ෂක සේනා මුලස්ථනයේ ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම මත මෙම මුලය යටතේ රාජකාරි නියුතු ඒකකයන්හි නිලධාරින්/සෙසු නිලයින් හට සමාජ ජාලා භාවිතය පිළිබද දැනුවත් කිරීමේ වැඩමුලුවක් 2018.03.28 වන දින 0900 පැයට මෙම මුල දේශණ ශාලාවේදි පත්වන ලදි.