09th June 2018 11:57:11 Hours
ජනාධිපති ලේඛම් කාර්යාලය විසින් නිකුත් කරන ලද ජගත් පරිසර දිනයට හා ජාතික රුක්රෝපණ සතියට සමගාමීව 2018 මැයි මස 30 වන දින සිට 2018 ජුනි මස 05 වන දින දක්වා පැවැත්වෙන වැඩසටහන් මාලාව සර්ථක කරමින් 11 සේමු වෙතින් සංවිධානය කරන ලද රුක්රෝපණ වැඩසටහනක් ඉතා සාර්ථකව සේනාංක මුලස්ථානයේදි 2018.06.02 වන දින පවත් වන ලදි
08th June 2018 21:17:25 Hours
මෙම මුලයෙහි රජකාරි නියුතු නිළධාරි/සෙසුනිළයින්ගේ ආධ්‍යාත්මික සුවය හා මනසික ඒකඝ්‍රතාවය පවත්වා ගැනිම හා නිරවුල් මනසකින් රාජකාරි කිරිමට අවකාශයක් ලබාදිමේ අටියෙන් මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජි ආර් එචි ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිළධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්විම මත 2018 ජුනි මස 07 වන දින 1530 පැයේ සිට 1630 පැය දක්වා මෙම මුල දේශන ශාලාවෙිදි ධර්ම දේශණයක් සංවිධානය කර පවත්වන ලදි.
08th June 2018 20:49:49 Hours
ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම මත මෙම බළප්‍රදේශයේ රාජකාරි නියුතු සෙසුනිළයින්ගේ ඉංග්‍රිසි දැනුම වර්ධනය කිරිම සඳහා පවත්වන ලද ඉංග්‍රිසි පාඨමාලාව ඉතා සර්ථකව 2018.06.08 වන දින නිමාවට පත්වන ලදි.
08th June 2018 14:22:20 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ පුර්ණ උපදෙස් හා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම හා අධික්ෂණය යටතේ මෙම මුල බලප්‍රදේශයේ 112 බළසේනා මුලස්ථනය යටතේ ස්ථානගත 3 (සෙව්) ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තු පාලන බලප්‍රදේශයේ කොත්මලේ මහවැලි මහා සෑ සමිදුන් අභියසදි විශේෂ පිංකමක් 2018.06.02 වන දින සිදුකරන ලදි.
07th June 2018 17:14:49 Hours
ජනාධිපති ලේඛම් කාර්යාලය විසින් නිකුත් කරන ලද ජගත් පරිසර දිනයට හා ජාතික රුක්රෝපණ සතියට සමගාමීව 2018 මැයි මස 30 වන දින සිට 2018 ජුනි මස 05 වන දින දක්වා පැවැත්වෙන වැඩසටහන් මාලාවේ තවත් එක් අංගයක් වශයෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ රුක්රෝපණ වැඩසටහනක් 2018.06.04 වන දින මෙම මුලයේ දි සිදුකරන ලදි.
07th June 2018 11:30:39 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11සේමු බළප්‍රදේශයට අයත් මඩුල්ල මීපනාව උඩුපුස්සැල්ලාව ජල විදුලිබලාගාරය ආශ්රිත ඔයෙහි දිය නෑමට ගොස් සැඩපහරකට හසුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාවෙහි 24 ශ්‍රිලපාහ ඒකකයට අයත් සෙනියෙකු 2018.06.02 වන දින අතුරුදහන් වු අතර, ඔහු සොයා ශ්‍රි ලංකා නාවික හමුදාවේ විශේෂ කිමිදුම් අංශය හා ශ්‍රි ලංකා පොලිස් විශේෂ කිමිදුම් ඒකකය එම සෙනියා අතුරුදහන් වු දිනයේ සිට 2018.06.04 වන දින දහවල දක්වා මෙහෙයුම් දියත් කලද ඔහු සොයා ගැනිමට නොහැකිව මුදවා ගැනිමේ මෙහෙයුම නතර කරන ලදි.
06th June 2018 14:44:55 Hours
ජනාධිපති ලේඛම් කාර්යාලය විසින් නිකුත් කරන ලද චක්‍රලේකයට අනුව ජගත් පරිසර දිනයට හා ජාතික රුක්රෝපණ සතියට සමගාමීව 2018 මැයි මස 30 වන දින සිට 2018 ජුනි මස 05 වන දින දක්වා පැවැත්වෙන වැඩසටහන් මාලවේ තවත් එක් අංගයක් වශයෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව හපුතලේ අඩවි වන කාර්යාලය, හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාව හා හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේඛම් කාර්යලය මගින් සංවිධානය කරන ලද අපද්‍රව්‍ය ඉවත් කිරිමේ හා දැනුවත් කිරිමේ වැඩසටහනක් හල්දුම්මුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් 2018.06.05 වන දින උදෑසන 0900 පැයේ සිට 1130 පැය දක්වා ක්‍රියාත්මක කරන ලදි.
02nd June 2018 14:04:40 Hours
ජගත් පරිසරය දිනයට හා ජාතික පරිසර සතියට සමගාමීව ආරක්ෂක සේනා (මධ්‍යම)ස්ථානගත දියතලාව නගරය හා අවට ප්‍රදේශය පිරිසිදු කිරිමේ ශ්‍රමදානය මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ 2018.06.02 වන සිදුකරන ලදි.
01st June 2018 23:51:57 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනා මුලස්ථාන බල ප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2018.06.01 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.
31st May 2018 17:59:34 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හා යටතේ පාලනය වන සේමු/බසේමු/ඒකකයන්හි නිලධාරින් උදෙසා ඵලදායි සංනිවේදනය පිලිබද හරවත් දේශණයක් යුද්ධ හමුදා විශ්‍රාමික ලුතිතන් කර්නල් වසන්ත පමුණුව යන ජ්‍යේෂ්ඨ නිලධාරි විසින් 2018.05.30 වන දින 0900 පැයේ සිට 1600 පැය දක්වා ආසේමු මධ්යමහිදී පවත්වන ලදි.