30th March 2018 17:23:44 Hours
කොළඹ විශ්ව විද්‍යාලයේ නිති අංශයේ 17 දෙනෙකුගෙන් යුත් සිසුන් පිරිසක් (පිරිමි ළමුන් 09 දෙනෙකු හා ගැහැනු ළමුන් 08 දෙනෙකු) හන්තාන ප්‍රදේශය නැරඹීම සඳහා 2018.03.29 දින පැමිණ අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ආපසු පැමිණිමට මාර්ගය සොයා ගැනීමට නොහැකිව අනතුරු දායක තත්වයකට පත්වන ලදි. ඒ බැව් මහනුවර දිස්ත්‍රික් ලේඛම් එචි එම් පි හිටිසේකර මහතා විසින් දැන ගැනීමෙන් අනතුරුව ඔවුන්ව මුදවා ගැනිමට ඇවැසි හමුදා සහය 11 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යේෂ්ඨ නිලධාරි වෙතින් අපේක්ෂා කරන ලදි.
30th March 2018 16:49:34 Hours
අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනා මුලස්ථාන බල ප්‍රදේශයෙහි හදිසි ගිනිගැනීමක් 2018.03.27 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් මැඩපැවැත්වීම සිදුකරන ලදි.
30th March 2018 16:03:54 Hours
යුද්ධ හමුදාධිපතිගේ හා ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) ආඥාපති තුමාගේ උපදෙස් මත 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ල්විපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්වීම මත උඩවැඩියා මල් ව්‍යාපෘති ආරම්භ කිරිම සැබැදි දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018.02.25 වන දින මහනුවර උඩරට පලත් කාලා සංගම් ශාලාවේදි පවත්වන ලදි.
23rd March 2018 20:22:09 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) බළප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය දිනයන්හි ඇතිවු කලහකාරි තත්වය හේතුවෙන් විනාශ වු ගොඩනැගිලිවල සුන්බුන් ඉවත් කිරිමේ වැඩසටහනක් යුද්ධ හමුදාධිපති තුමාගේ උපදෙස් මත 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ල්විපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්වීම යටතේ 2018.03.21 වන දින සිදු කරන ලදි.
22nd March 2018 11:08:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථනයේ ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම මත මෙම මුල බළ ප්‍රදේශයේ රාජකාරි නියුතු සෙසු නිලයින්ගේ ඉංග්‍රිසි දැනුම වර්ධනය කිරිම සඳහා පවත්වන ලද ඉංග්‍රිසි පාඨමාලාව ඉතා සාර්ථකව 2018.03.20 වන දින නිමාවට පත්වන ලදි.
21st March 2018 08:50:56 Hours
මෙම ආරක්ෂක සේනා මුලස්ථාන බළප්‍රදේශයට අයත් දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) විදුහල්පති විසින් යුද්ධ හමුදාධිපති ගෙන් කරන ලද ඉල්ලිමකට අනුව එම විද්‍යාලයේ ඉගනුම ලබන සිසු සිසුවියන් සඳහා නායකත්ව වැඩමුළුවක් 2018.03.19 වන දින මෙම ආරක්ෂක සේනා මුලස්ථානයෙහි දි පවත්වන ලදි.
11th March 2018 09:08:06 Hours
පසු ගිය දිනයන්හිදි මහනුවර දිස්ත්‍රික්කය තුල පැවති අර්බුදකාරි තත්වය පාලනය කිරිම හා සමතයකට පත්කිරිමේ විශේෂ සාකච්ඡාවක් යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සමුහ මෙහෙයුම් ආඥාපති වන මෙම ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම)ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩියු පිඑස්සි අයිජි හා සමුහ මෙහෙයුම් නියෝජ්‍ය ආඥාපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ල්විපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මහනුවර දි 2018 මාර්තු මස 08 වන දින පවත්වන ලදි.
09th March 2018 00:06:42 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ආඥාපති වන මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී දැනට මහනුවර දිස්ත්‍රික්කයේ උත්ගත වී තිබෙන අර්බුධකාරී තත්වය හේතුවෙන් ගරැ ආරක්ෂක ලේඛම් තුමාගේ උපදෙස් හා නියෝගයන්ට අනුව එම තත්වය යථා තත්වයට පත් කිරීමේ මෙහෙයුම සදහා සෘඡුවම නියෝගයන් ලබාදීමට හා එම නොසන්සුන්කාරී තත්වය ඇති වී තිබෙන ස්ථානයන් වෙත රාඡකාරී යොදවා සිටින යුධ, නාවික හා පොලිස් යන අංශයන් වෙත සෘඡු නියෝග ලබාදීම හා ඒවා ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන සමූහ මෙහෙයුම් ආඥාපති ලෙස මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී හා නියෝඡ්‍ය සමූහ මෙහෙයුම් ආඥාපති වශයෙන් 11 සේමු සේනාංකාධිපති මේඡර් ඡෙනරාල් ඒ ඩබිලිවි එමි ඒ ඩබිලිවි එමි එන් රණවක ආර්ඩබිලිවිපී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් 2018.03.07 වන දින සිට පත්කර ඇත.
08th March 2018 10:04:45 Hours
ආරක්ෂක සේනා මුලස්ථනය (මධ්‍යම) පස්වන සංවත්සරයට සමගාමිව මෙම බළප්‍රදේශයේ ඉතා මණරම් පුජනීය ස්ථානයක් වු දෝව රජ මහා විහාරයේ සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මඟපෙන්විම මත 2018 මාර්තු මස 06 වන දින 0830 පැයේ සිට 1230 පැය දක්වා යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් සිදුකරන කරන ලදි.
03rd March 2018 13:32:23 Hours
අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන සේනා මූලස්ථාන බල ප්‍රදේශයෙහි හදිසි ගිනිගැනීමක් 2018.03.01 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් මැඩපැවැත්වීම සිදුකරන ලදි.