04th May 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ මග පෙන්වීම හා උපදෙස් මත මොණරාගල දිස්ත්‍රීක්කයට අයත් කතරගම ප්‍රදේශිය ලේකම් කොට්ටාශයේ කරවීල ග්රාමයෙ හි ආර්ථික දුෂ්කරතා සහිත දිල්ෂාන් ප්‍රසංග යන අයගේ පවුල වෙත පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට ළිදක් සහ සනීපාරක්ෂක පහසුකම් ඉඳිකර භාරදීම 2024 මැයි 04 වන දින කටයුතු සිදුකර ඇත.
03rd May 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ මග පෙන්වීම හා උපදෙස් මත 12 පාබල සේනාංක බල ප්‍රදේශයේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ලුණුලම්වෙහෙර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි ආර්ථික දුෂ්කරතාවයන් සහිත දරුවන් සිටින පාසලක් වන ‘අභයපුර සුරනිමල ප්‍රාථමික පාසලෙ, හි ඉගෙනුම ලබන සිසුන් 60 දෙනෙකු හට අවශ්‍ය පාසල් පාවහන් ලබාදීමේ වැඩසටහනක් 2024 මැයි 03 වන දින සිදුකරන්නට යෙදිනි.ඒ සඳහා වු මුල්‍ය දායකත්වය හොංකොං දේශයේ පදිංචි ඔස්මන් ද අල්විස් පුජක තුමා ඇතුළු පිරිසක් විසින් සපයා දෙන ලදී.
02nd May 2024 18:25:06 Hours
12 වන පාබල සේනාංක බලප්‍රදේශ යේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් තිස්සමහාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ආර්ථික දුෂ්කරතාවයන් සහිත දරුවන් සිටින පාසලක් වන ‘රන්මිණිතැන්න කණිෂ්ඨ විද්‍යාලයෙ’ හි ඉගෙනුම ලබන සිසුන් 120 දෙනෙකු හට අවශ්‍ය පොත් හා ලිපි ද්‍රව්‍ය ලබාදීම 2024 මැයි 02 වන දින සිදුකරන්නට යෙදුනි. ඒ සඳහා වූ මුල්‍ය දායකත්වය හොංකොං දේශයේ පදිංචි ඔස්මන් ද අල්විස් පුජක තුමා අතුළු පිරිසක් විසින් සපයා දෙන ලදි.
02nd May 2024 09:00:00 Hours
12 වන පාබල සේනාංක බලප්‍රදේශ යේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් තිස්සමහාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ආර්ථික දුෂ්කරතාවයන් සහිත දරුවන් සිටින පාසලක් වන ‘රන්මිණිතැන්න කණිෂ්ඨ විද්‍යාලයෙ’ හි ඉගෙනුම ලබන සිසුන් 120 දෙනෙකු හට අවශ්‍ය පොත් හා ලිපි ද්‍රව්‍ය ලබාදීම 2024 මැයි 02 වන දින සිදුකරන්නට යෙදුනි. ඒ සඳහා වූ මුල්‍ය දායකත්වය හොංකොං දේශයේ පදිංචි ඔස්මන් ද අල්විස් පුජක තුමා අතුළු පිරිසක් විසින් සපයා දෙන ලදි.
01st May 2024 11:17:44 Hours
ඓතිහාසික ශ්‍රී පාදස්ථානය වැදපුදා ගැනීම සදහා 2024.05.01 සහ 02 යන දෙදින මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් 60 ක කණ්ඩායමක් සහ ඔවුන් සමග එකතුවන ලද දෘශ්‍යාබාධිත 40 ක කණ්ඩායමක් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් විසිනු ලබාදුන් උපදෙස් හා මඟ පෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේමු බල ප්‍රදේශයේ ස්ථාපිත 19 ශ්‍රීලංජාආබමු ඒකකයේ අණදෙන නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පාලනය වන සමනල අරණ නිවාඩු නිකේථනය ඔවුන්ගේ නවාතැන් වෙනුවෙන් සූදානම් කර දීම හා එම කණ්ඩායම වෙත අවශ්‍ය ආහාර පහසුකම් පිළියෙල කර දීමට 19 ශ්‍රීලංජාආබමු ඒකකය විසින් කටයුතු කර අවශ්‍ය සත්කාරකත්වය ලබාදීමට කටයුතු කර ඇත.
30th April 2024 22:16:02 Hours
අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනු “සීමාසහිත සිලෝන් බිස්කට්” (CBL) අයතනය වෙතින් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයන් හි ළමා සංවර්ධන මධ්‍යස්ථානයන් වෙත සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් ත්‍යාග පාර්සල් 1540 ක් බෙදාදීමේ වැඩසටහනක් 2024.04.13 වන දින ක්රීයාත්මක කරන ලදි.
30th April 2024 21:59:04 Hours
2024.04.29 වන දින ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයට අයත් ඇල්ල වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය නායයාමේ අවදානමට ලක්ව ඇත.
23rd April 2024 08:00:00 Hours
‘ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් 2024 අප්‍රේල් මස 21 දින පැවැත්වුනු අතර, එය නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්ෂකයින් හට මුහුණ පෑමට සිදුවු අනතුරින් මරණයට පත්වුවන් හට අවසන් ගෞරවය පුදකරන ලදි.
18th April 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) කදවුරුට යාබදව පිහිටි හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කාර්යාලය වෙතින් 2024 අලුත් අවුරුද්ද සැමරිම අරමුණු කර ගෙන හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ ජීවත්වන සිවිල් ජනතාව සඳහා ඉතා උත්කර්ෂවත් බක්මහා උළෙලක් හෙල ජන සංස්කෘතියට අනුව 2024.04.18 වන දින පවත්වන ලදි.
15th April 2024 08:00:00 Hours
11 වන පාබල සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන 112 පාබල බසේමු බළසේනාධිපති වශයෙන් රාජකාරි කරනු ලබන කර්නල් ඩබ්ලිව් ඒ ජේ හේමචන්ද්‍ර RSP පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් ගේ උපදෙස් මත 2024 අප්‍රේල් මස 13 වන දින මහියංගනය පාර, රීදීපාන, බදුල්ල යන ලිපිනයේ පිහිටි වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 45 දෙනෙකු සඳහා දීවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.