28th June 2024 08:00:00 Hours
බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පිහිටි ගොඩනැඟිලි මතට ගස් කඩා වැටිමේ අවදානම් තත්වයක් ඇති බැවින් පාසලේ සිසුන්ට අනතුරක් විය හැකි අනාරක්ෂිත ගස් ඉවත් කර දෙන ලෙස බිබිල ප්‍රාදේශිය ලේකම්වරයා යුධ හමුදා සහාය ඉල්ලා සිටින ලදී.
26th June 2024 16:55:46 Hours
සිතුල්පව්ව රජමහා විහාරයේ පොසොන් උත්සවය 2024 ජුනි 21 වන දින විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම සහ සිතුල්පව්ව සෑය ආලෝකමත් කිරීම මෙම උත්සවයේ කැපී පෙනෙන අංගයන් විය.
25th June 2024 09:00:00 Hours
මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ 2024 වර්ෂය සඳහා නව ශිෂ්‍ය නායිකාවන් වෙනුවෙන් නිළ ලාංඡන පැලඳවිමේ උත්සවයක් 2024.06.25 වන දින 0900 පැයට එම විදුහල් පරිශ්‍රයේදි පැවැත් වු අතර,එම උත්සව අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් එම් එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ලදී.
22nd June 2024 08:00:00 Hours
කතරගම ඇසල උත්සවය යනු දකුණු පළාතේ ප්‍රධාන ආගමික හා සංස්කෘතික වාර්ෂික උත්සවය වන අතර එය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් විශාල බැතිමතුන් ප්‍රමාණයක් සහභාගි වේ. මෙම කාලසිමාව තුල කතරගම පාද යාත්‍රාව,දේවාල පෙරහැර,බැතිමතුන් සඳහා දන්සල් සහ සති පිරිත් දේශනාව වැනි විශේෂ අංගයන් සිදු කරනු ලබන අතර, මෙම උත්සවය 2024 ජුලි 2 වන දින ආරම්භ වන අතර එය ජුලි 22 වන දිනෙන් අවසන් වේ.
22nd June 2024 08:00:00 Hours
තිස්සමහාරාම විහාරස්ථානයේ පොසොන් මහා පෙරහැර සහ පොසොන් උත්සවය මෙවර 124 වැනි වරටත් ඉතා විචිත්‍රවත් ලෙස පැවැත්විණි. අවශ්‍ය ඕනෑම සහයක් යුද්ධ හමුදා ප්‍රතිපත්තීන්ට අනුකූලව ලබා දෙන ලෙස යුධ හමුදාපතිවරයා විසින් 12 පාබල සේනාංකාධිපති හට උපදෙස් දෙන ලදී. 2024 ජූනි 15 සිට 2024 ජූනි 22 දක්වා 12 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් 'ස්ථූපය' වර්ණ ගැන්වීම, උත්සවයට පෙර සහ පසුව විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම, දන්සැලේ ආහාර පිළියෙළ කිරීම සඳහා සහාය වීම සහ සති පිරිත් දේශණය සඳහා වැඩම කල භික්ෂුන් වහන්සේට මුතුකුඩ එසලවීම සඳහා භඨ පිරිස් 18 දෙනෙකු ලබා දෙන ලදී. තවද යුද්ධ හමුදා වෙස් නැටුම් කණ්ඩායම පෙරහැරෙහි විචිත්‍රවත් නර්ථනයක් ඉදිරිපත් කරන ලදී.
21st June 2024 08:00:00 Hours
‘පොසොන් පුර පසළොස්වක පොහොය’ දින උදාවත් සමගම සෙල්ලකතරගම ගෝතමීගම ප්‍රදේශයේ හී ආර්ථික දුෂ්කරතා සහිත පවුලක් වෙත පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනිමට ළිදක් ඉදිකර භාර දිම 2024.06.21 වන දින ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සිදුකරන්නට යෙදුනි.මෙම පුන්‍ය ක්‍රියාව සඳහා මුල්‍යමය දායකත්වය ‘සෙත් සදන මග සමාජ සත්කාර’ පදනමේ නිර්මාතෘ සහ සභාපති රජිත් තෙන්නකෝන් යන මහත්වරුන් 12 වන පාබල සේනාන්කයේ සේනාංකාධිපතිගේ සමිපතම මිතුරන් විසිනි.
21st June 2024 08:00:00 Hours
‘පොසොන් පුර පසළොස්වක පොහොය’ දින උදාවත් සමගම සෙල්ලකතරගම ගෝතමීගම ප්‍රදේශයේ හී ආර්ථික දුෂ්කරතා සහිත පවුලක් වෙත පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනිමට ළිදක් ඉදිකර භාර දිම 2024.06.21 වන දින ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සිදුකරන්නට යෙදුනි.මෙම පුන්‍ය ක්‍රියාව සඳහා මුල්‍යමය දායකත්වය ‘සෙත් සදන මග සමාජ සත්කාර’ පදනමේ නිර්මාතෘ සහ සභාපති රජිත් තෙන්නකෝන් යන මහත්වරුන් 12 වන පාබල සේනාන්කයේ සේනාංකාධිපතිගේ සමිපතම මිතුරන් විසිනි.
19th June 2024 08:00:00 Hours
පොසොන් උත්සවයට සමගාමීව 12 පාබල සේනාංකයේ භට පිරිස් දින දෙදක කාලයක් තුල සිතුල්පව්ව රජමහා විහාරයේ දි පුළුල් ශ්‍රමදාන ව්‍යපාරයක් සංවිධානය කරන ලදි.
16th June 2024 17:42:24 Hours
යුද්ධ හමුදා සාමාජිකයින් විනය විරෝධි ක්රීයාවන්ගෙන් මුදවා ගැනීම අරමුණු කරගනිමින් විනයාරක්ෂක අධ්යක්ෂ මණ්ඩලය වෙතින් ලබාදි ඇති උපදෙස් වලට අදාලව ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි 2024.06.14 වන දින මෙම ආරක්ෂක මුලස්ථානය යටතේ පාලනය වන සියළුම ඒකකයන්හි අණදෙන නිලධාරිවරුන් සහභාගි කරවා ගනිමින් දේශනයක් සිදු කිරිමට කටයුතු කරන ලදි.
16th June 2024 17:39:24 Hours
Greater Hambantota සැලැස්ම යටතේ හම්බන්තොට හා ඒ ආශ්‍රීත නගර සංවර්ධන සැලැස්මේ ප්‍රගති සමාලෝචන සහ සවිස්තරාත්මක ප්‍රධාන සැලැස්ම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුව 2024 ජුනි මස 12 වන දින හම්බන්තොට දිස්ත්‍රීක් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි රාජ්‍ය ආයතනවල නියෝජිතයින් වෙනුවෙන් පැවැත්විණි.