22nd May 2024 00:00:00 Hours
ආරක්ෂක මුලස්ථානය (මධ්‍යම) කදවුරු බල ප්‍රදේශය පෝශණය කරනු ලබන මහවැලි, කැළණි,වලවේ ගංගාවල මූලාරම්භක ස්ථානය සහ ජෛව විවිධත්වයෙන් අනූන පාරසරික වශයෙන් ඉතා වැදගත් පරිසර පද්ධතියකට උරුමකම් කියන හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය තුල 2024.05.22 දිනට යෙදී ඇති අන්තර්ජාතික ජෛව විවිධත්ව දින සැමරුම් ජාතික උත්සව දිනට සමගාමිව හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ආගන්තුක අක්‍රමණශීලි ව්‍යාප්තිය වලක්වාලීමේ අරමුණින් එම ශාක ඉවත් කිරිමේ ශ්‍රමදානමය වැඩසටහනක් 2024.05.22 දින රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන, පුද්ගලික අංශය, තරුණ කණ්ඩායම් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව අංශය වෙතින් කටයුතු සිදු කරනු ලබයි.
21st May 2024 09:00:00 Hours
112 පාබල බළසේනාවේ නව බළසේනධීපති ලෙස කේආර් කළුපහන ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 මැයි මස 21 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ බලසේනාවේ බළසේනධීපති ඇතුළු නිලධාරින් ඉදිරියේ දි සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් ධුරයේ රාජකාරි භාර ගන්නා ලදි.
20th May 2024 00:24:54 Hours
කුරිරු ත්රස්තවාදයට එරෙහිව සටනේදි ත්රීවිධ හමුදාව විශාල සංඛ්‍යාවක් සිය ජිවිත රට දැය වෙනුවෙන් පුජා කල අතරම ඒ හා සමාන රණවිරුවින් සංඛ්‍යාවක් රණක්ෂිතයට පත්විය. දශක තුනක පමණ කාලයක් පැවැති යුද්ධයේදි මාතෘ භූමියෙහි භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පීදු විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරිම වෙනුවෙන් සෑම වසරකම මැයි මාසය රණවිරු සැමරුම් මාසය නමින් ප්‍රකාශයට පත්කර ඇත.
19th May 2024 22:50:14 Hours
යුද්ධ හමුදාධිපති තුමාගේ උදාර සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභී දිළිඳු පවුල් සඳහා නිවාස සාදාදීමේ ව්‍යාපෘතීන් මේ දිනවල සිදු කරනු ලබයි. ඒ අනුව මෙම ප්රයත්නයේ තවත් පියවරක් ඉදිරියට තබමින් හතරවන නිවස සඳහා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත මෙම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන 12 වන පාබල සේනාංක බල ප්‍රදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්මහාරාම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ විහාරමහාදේවීපුර ග්‍රාම නිලධාරි වසමේ පදිංච් ස්ථීර නිවසක් නොමැති හතර දෙනෙකුගෙන් යුත් අසංක දිලිප් ප්‍රීයදර්ශන මහතාට නව නිවසක් සඳහා මුල්ගල තැබීම 2024.05.11 වන දින උදැසන සුභ මොහොතින් සිදුකරන ලදි.
14th May 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) බල ප්‍රදේශයේ 11 පාබල සේමු යටතේ පාලනය වන 112 පාබල බසේමු බලප්‍රදේශයේ පිහිටි බදුල්ල මුතියංගණය පුරාණ රජ මහා විහාරයේ වෙසක් පුර පසලොස්වක පොහෝ දිනට ප්‍රථම 2024.05.14 වන දින සිට 2024.05.18 වන දින දක්වා කාලසීමාව තුල විහාරස්ථානයේ වර් ණ ආලේපිත කටයුතු සහ පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා යුද්ධ හමුදා රණවිරු දායකත්වය ලබාදෙන මෙන් සිදුකර ඇති ඉල්ලීමට අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත 112 පාබල බසේමු වෙත අයත් රණවිරුවන්ගේ නොමඳ දායකත්වය ලබාදී අදාල අපේක්ෂිතය සාර්ථකව සිදු කිරිමට කටයුතු කරන ලදී.
13th May 2024 21:49:03 Hours
යුද්ධ හමුදාධිපති තුමාගේ උදාර සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභී දිළිඳු පවුල් සඳහා නිවාස සාදා දීමේ ව්‍යාපෘතීන් මේ දිනවල සිදු කරනු ලබයි. ඒ අනුව මෙම ප්රයත්නයේ තවත් පියවරක් ඉදිරියට තබමින් තුන්වන නිවස සඳහා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත මෙම ආරක්ෂක මුලස්ථානය යටතේ පාලනය වන 12 වන පාබල සේනාංක බල ප්‍රදේශයට අයත් මොණරාගල දිස්ත්‍රීක්කයේ කතරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මාලිගාවීල ග්‍රාම නිලධාරි වසමේ පදිංච් ස්ථීර නිවසක් නොමැති සිව් දරු පියෙකු වන ඩි නන්දසේන මහතාට නව නිවසක් සදහා මුල්ගල තැබීම 2024.05.10 වන දින උදැසන සුභ මොහොතින් සිදුකරන ලදි.
08th May 2024 07:28:01 Hours
11 පාබල සේනාංක මුලස්ථානයේ නව කර්නල් ප්‍රමානි වශයෙන් කර්නල් එස්පිසිකේ සෙනරත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි (63492) 2024.05.03 වන දින සුභ මොහොතින් ආගමික වාතාවන්ට මුල් තැන දෙමින් එම ධුරයේ රාජකාරි භාර ගන්නා ලදි.
06th May 2024 16:41:39 Hours
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සංගමයේ ජනතා සම්මේලනයේ ලේකම් විසින් යුද්ධ හමුදාධිපති තුමන් වෙතින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව එම සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික්කයේ වෙසෙන සාමාජිකයින්ගේ ආර්ථික හා සාමාජීය වශයෙන් සවි බල ගැන්වීමේ හා ඔවුනගේ ආධ්‍යාත්මික හා මානසික සුව සහනය වෙනුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් මහනුවර හා මහියංගණය ප්‍රදේශයේ සිදුකරන ලද සංචාරයන්ට අදාළව 2024.05.04 වන දින ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ මග පෙන්වීම හා උපදෙස් මත 11 පාබල සේනාංක මූලස්ථානය විසින් මුලිකත්වය ගෙන ආහාර පාන හා නේවාසික පහසුකම් සපයා දීමට කටයුතු කර ඇත.
05th May 2024 13:45:40 Hours
දියතලාව මධ්‍යම මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ අවසන් උත්සවය 2024.05.02 වන දින පැවැත්වීමට කටයුතු කරන ලද අතර, ඒ සඳහා යුද්ධ හමුදා සහය ලබා දෙන මෙන් දියතලාව මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පති තුමන්ගේ ඉල්ලිම හා ආරාධනාව මත ආරක්ෂ සේනා (මධ්‍යම) ආඥාපති තුමාන්ගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් පරිදි වාර්ෂික නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙලක් සංවිධානය කිරිම සඳහා යුද්ධ හමුදා සහය ලබාදෙ ලදි.
04th May 2024 16:44:27 Hours
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍ය භඨයින්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා දින තුනක පුහුණු වැඩමුළුවක් එම විද්‍යාලය විසින් සංවිධානය කර ඇති අතර, එම වැඩමුළුවට සහභාගි වන ශිෂ්‍ය භඨයින් සඳහා සිතියම් කියවීම, මුලික යුධ උපක්‍රම, ත්‍රිවිධ හමුදාව සහ ජාත්‍යන්තර ශිෂ්‍ය භඨයින් පිළිබඳ දැනුවත් කිරිම සඳහා දේශනයන් සිදුකරන මෙන් එම විද්‍යාලයේ විදුහල්පති තුමා විසින් ඉල්ලීමක් සිදු කර ඇත.