20th July 2024 15:23:17 Hours
යාපනයේ සිට කතරගම දක්වා වාර්ෂිකව පැවැත්වෙන පාද යාත්‍රවට සහභාගී වන බැතිමතුන් සඳහා 12 වන පාබල සේනාංකයේ භඨ පිරිස් විසින් 2024 ජූනි 30 වන දින සිට සහය ලබාදීම ආරම්භ කරන ලදී. ‘යාල ජාතික වනෝද්‍යානයේ’ ආරම්භක ස්ථානය වන කුඹුක්කන් ඔයේ සිට කටගමුව දක්වා දිවෙන මාර්ගයේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සහ පාලන අවශ්‍යතා සපුරාලීම 12 වන පාබල සේනාංක භඨ පිරිස් විසින් 2024 ජූලි 15 දක්වා සිදුකරන ලදී.
17th July 2024 21:42:59 Hours
ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් පිකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බිඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 12 වන පාබල සේනාංකයේ නව සේනාකාධිපති වශයෙන් 2024 ජුලි මස 16 වන දින පාබල සේනාංක මුලස්ථානය හම්බන්තොට හිදි ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් හමුදා විධිවිධාන අනුව නව ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
13th July 2024 18:14:33 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති තුමියගේ සංකල්පයකට අනුව 2024 ජුලි මස 12 වන දිනට යෙදි ඇති සේවා වනිතා ඒකක 40 වන සංවත්සර දිනයට සමගාමීව 12 වන පාබල සේනාංක මුලස්ථානයේ පැල 280 ක ප්‍රමාණයක් 2024 ජුලි 12 වන දින රෝපණය කරණ ලදි.
13th July 2024 18:11:08 Hours
යාල ජාතික වනෝද්‍යානය මෙරට විශාලතම ජාතික වනෝද්‍යාන වලින් එකක් වන අතර, එම වන උද්‍යානය හෙක්ටයාර් 130,000 කට අසන්න භූමි ප්‍රමාණයක් අවරණය කරයි. එය ප්‍රධාන වශයෙන් කලාප පහකට වෙන්කර ඇති අතර, දැනට මහ ජනතාව සඳහා කලාප දෙකක් වෙන් කර ඇත. එයින් සංචාරක ව්‍යාපාරයට විශාල දායකත්වයක් වාර්ෂිකව සපයනු ලබයි.
12th July 2024 08:00:00 Hours
12 වන පාබල සේනාංකයේ 16 වන සේනාංකාධිපති වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් CS මුණසිංහ WWV RWP RSP USP ndc psc IG යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වසරකට ආසන්න ක්‍රීයාකාරි සේවය අවසානයේ සේනාංකාධිපති ධුරයෙන් 2024.07.12 වන දින නික්ම යන ලදි.
11th July 2024 22:29:11 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ පිහිටා ඇති රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත් වණු ලබන ඇසළ පෙරහැර මංගල්‍යට සමගාමිව 12 වන පාබල සේනාංකයට අනියුක්තව රජකාරි කරනු ලබන භඨපිරිස් විසින් දේවාලයේ පැරණි මුළුතැන්ගෙය ඉවත්කර දිග අඩි 43 ක් පළල අඩි 28 ක ප්‍රමාණයේ නව මුළුතැන් ගෙයක් හා මැණික් ගඟේ සිට දේවාල පරිශ්‍රයට ඇතුළුවිමට හැකිවන පරිදීත් පස ඛාදනය වැලැක් විමට සහ අලංකරණය සඳහා නව පියගැටපෙළක් ඉදිකරන ලදී.
11th July 2024 22:24:49 Hours
කතරගම වන්දනාවේ පැමිණි වන්දනා කරුවෙකු 2024.07.06 වන දින මැණික් ගඟෙ සිටි කිඹුලන්ගේ ප්‍රහාරයකට ලක්විම හේතුවෙන් දරුණු තුවාල සිදුවිමේන් පසුව මිය ගොස් ඇති බැවින් මෙවැනි අවසනාවන්ත සිදුවිම් තව දුරටත් වාර්ථාවිම වැලැක්විම සඳහා 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් කතරගම උත්සවයේ ප්‍රදාන පර්ශවකරුවන් සමග සාකච්ඡාවක් පැවැත්විමේන් අනතුරුව කඩිනමින් මේ සදහා ක්‍රියා මාර්ගයක් අරම්භකරන ලදී
29th June 2024 00:00:00 Hours
12 පාබල සේනාංක බළ ප්‍රදේශයේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ‘Hope For Life Lanka’ පදනමේ අනුග්‍රහය ඇතිව බුත්තල අලුත්වෙල පුරාණ රජමහා විහාරයේ දහම් පාසලේ ඉගෙනුම ලබන සිසුන් 73 දෙනකු සඳහා රුපියල් 2,750.00 ක් වටිනා පාසල් උපකරණ පරිත්‍යාග කිරිම සහ දහම් පාසලේ ගුරු මණ්ඩලය සඳහා රුපියල් 25,000.00 ක් වටිනා ත්‍යාග පිරිනැමිමේ වැඩසටහනක් 2024.06.29 වන දින පවත්වන ලදී.
28th June 2024 20:44:54 Hours
විචිත්‍රවත් ‘පොසොන් කාලාපයක්’ බෙලිඅත්ත නගරය ආශ්‍රිතව 2024.06.21 දින සිට 24 වන දින දක්වා ඉතා උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදි.එහි ප්‍රධාන දායකත්වය ත්‍රිවිධ හමුදාව විසින් දැරූ අතර,යුධ හමුදාව විසින් එහි ප්‍රධාන කාර්යය කොටසක් ඉටුකරන ලදී.
28th June 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) උපදෙස්මත 11 පාබල සේනාංකය සහ 111 පාබල බළසේනාවේ මඟ පෙන්විම යටතේ 4 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ වත්මන් අණදෙන නිලධාරි මේජර් පීකේ වාරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එල්එස්සී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකය අනුව සිදුකරන ලදී.