16th June 2024 17:36:53 Hours
12 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේ අම්බලන්තොට ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ අම්බලන්තොට - බැරගම ප්‍රධාන මාර්ගයේ අනාරක්ෂිතව තිබු ගසක් කපා ඉවත් කිරීමට සහය ලබා දෙන ලෙස අම්බලන්තොට ප්‍රදේශීය ලේකම්වරයා විසින් යුධ හමුදා සහය ඉල්ලා සිටියේය. ඒ අනුව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මඟපෙන්වීම යටතේ 2024 ජුනි 13 වන දින සේනාංකයේ භඨ පිරිස් විසින් එම ගස කපා ඉවත් කිරිම සඳහා සහය ලබාදීමට කටයුතු කරන ලදි.
16th June 2024 17:28:06 Hours
12 වන පාබල සේනාංකයට අනියුක්තව රාජකාරි ඉටු කරනු ලබන යුද්ධ හමුදා බුද්ධි ක්‍රියාකරුවන් හට ලද තොරතුරකට අනුව මොණරාගල අන්තරායකර ඖෂධ පාලන අධිකාරීයේ නිලධාරින් සමඟ 2024.06.11 වන දින වැල්ලවාය ප්‍රදේශයේදි මත් පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
16th June 2024 17:26:05 Hours
12 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් හම්බන්තොට ප්‍රදේශිය ලේකම් කොට්ටාශය තුල පිහිටි සිසුන් 750 ක් පමණ ඉගනුම ලබන කුඩාබෝලාන පඤ්ඤසිහ මහා විදුහලේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටිමේ අවධානම් තත්වයක් ඇති බැවින්, එම ගස කපා ඉවත් කර දෙන මෙන් 12 වන පාබල සේනාංකය වෙත සිදුකල ඉල්ලීමකට අනුව 2024.06.10 වන දින මෙම සේනාංකයේ භඨ පිරිස් විසින් එම ගස කපා ඉවත් කිරිමට කටයුතු කර ඇත.
16th June 2024 17:22:21 Hours
12 වන පාබල සේනාංකයට අනියුක්තව රාජකාරි ඉටු කරනු ලබන යුද්ධ හමුදා බුද්ධි ක්‍රියාකරුවන් හා තිස්සමහරාම පොලිසියට අනියුක්තව රාජකාරි කරනු ලබන නිලධාරින්ට ලද තොරතුරකට අනුව 2024.06.08 වන දින නීති විරෝධි දුම්ටැටි 1000 ක් (400×මැන්චෙස්ටර්, 400×ගෝල්ඩ් ලීෆ්, 200× L&M ) සමඟ පුද්ගලයකු තිස්සමහරාම ප්‍රදේශයෙදි අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
16th June 2024 17:14:15 Hours
12 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් මොණරාගල දිස්ත්‍රීක්කයේ ගෝණගංආර බුත්තල ප්‍රදේශයේ බුද්ධි රාජකාරින් ඉටු කරනු ලබන යුද්ධ හමුදා බුද්ධි ක්‍රියාකරුවන් හට ලද තොරතුරකට අනුව වියලි ගංජා කිග්රෑ 2 ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙක් 2024 ජුනි 07 වන දින අත්අඩංගුවට ගෙන වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා ගෝණගංආර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදි.
04th June 2024 22:31:38 Hours
12 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් මොණරාගල දිස්ත්‍රීක්කයේ බුද්ධි රාජකාරින් ඉටු කරනු ලබන යුද්ධ හමුදා බුද්ධි ක්‍රියාකරුවන් හට ලද තොරතුරකට අනුව මොණරාගල දිස්ත්‍රීක්කයට අයත් සෙවනගල ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය උස අඩි 2-5 අතර ගංජා ගස් 9100 ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු 2024 මැයි 30 වන දින අත්අඩංගුවට උඩවලව පොලිස් විශේෂ බළකායේ සහාය ඇතිව ගිණි තබා විනාශ කරලීමට ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ උපදෙස් පරිදි කටයුතු කරන ලදි.
03rd June 2024 08:00:00 Hours
2024.06.05 දිනට යෙදී ඇති ජගත් පරිසර දින පරිසර සැමරුම් වැඩසටහනට සමගාමීව මධ්‍යම පරිසර අධීකාරිය මගින් පළාත් පාලන ආයතනය සහ පාසල් පරිසර නියමුවන්ගේ සහභාගීත්වයෙන් පල්ලේකැලේ කාර්මික ජනපදයේ පිහිටි ත්‍රිත්ව විද්‍යාල ගොවිපල (Trinity college farm) පරිශ්‍රයේ සිට මහවැලි ඟඟේ වම් ඉවුර දක්වා 2km දක්වා වූ ප්‍රදේශයක කාලින අවශ්‍යතාවයක් වන පරිසර හිතකාමි වැඩසටහනක් 2024.06.03 වන දින සිදුකරන ලදි.
02nd June 2024 00:00:00 Hours
2024.06.02 වන දින ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් වලස්මුල්ල ප්‍රදේශයේ ඇත්පිටිය ගම්මානයේ පිහිටි අත්පිටිය අමුණෙහි දොරටු ඝණ අපද්‍රව්‍ය වලින් අවහිර වී තිබූ අතර, එම ද්‍රව්‍ය භඨපිරිස් විසින් ඉවත් කිරීමෙන් එම ගම්මානයට ඇති වීමට ගිය සුළු ගංවතුර තත්වයක් මඟ හරවා ගැනීමට හැකිවිය. ඒ අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත 12 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි 122 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ 3 ශ්‍රීලංජාආබමූ ඒකකයේ භඨපිරිස් ඒ සඳහා සහභාගි වන ලදී.
23rd May 2024 09:00:00 Hours
12 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ හම්බන්තොට උඩමල්ල මහ විදුහලේ අඩුපාඩුවක්ව පැවති බුදු මැදුර 12 පාබල සේනාංක සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් සාදා නිමකර 2024 මැයි 23 වන දිනට යෙදුනු සුභ මොහොතින් බුදුමැදුර තුල බුද්ධ ප්‍රථිමා වහන්සේ නමක් සේනාංකාධිපති ගේ සුරතින් තැන්පත් කරන ලදි.
23rd May 2024 08:00:00 Hours
වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව නිලධාරින්ගේ හා සෙසු නිලයන්ගේ සහභාගිත්වයෙන් වෙසක් කලාපයක් පවත්වන ලදි.