08th January 2019 20:07:53 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් පාලණය වන 11 සේනා මුලස්ථාන බළප්‍රදේශයේ මහනුවර නගරයේ යටිනුවර වීදියේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක 2019.01.08 වන දින 0710 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්විම මත සේනාධිපතිගේ පුර්ණ අධික්ෂණය යටතේ ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු සිදු කරන ලදි.
08th January 2019 17:04:49 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්එ්සිජිඑස්සි යන නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි පුර්ණ අධික්ෂණය යටතේ ආරක්ෂක සේනා මධ්‍යම යටතේ පාලණය වන පුපා, ඒකකයන්හි රාජකාරි කරණු ලබන නිලධාරි/සෙසුනියින් උදෙසා 2020 සහ 2021 වර්ශයන් තුළදි රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරිමට පෙර දැනුවත් කිරිමේ දේශණයක් යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් 2019.01.08 වන දින පවත්වන ලදි.
08th January 2019 16:50:52 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් පාලණය වන 121 බළසේනා මුලස්ථාන බළප්‍රදේශයේ බදුල්ල ප්‍රදේශිය ලේඛම් කොට්ඨාශයට අයත් වව්ල්පතන කන්දේහි හදිසි ගිනිගැනීමක් 2019.01.07 වන දින 1130 පැයට පමණ ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්විම මත බළසේනාධිපතිගේ පුර්ණ අධික්ෂණය යටතේ එම ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
05th January 2019 16:36:24 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්විම මත අඩු ආදයම් ලාභි පවුල්වල දරු දැරියන් හට පාසල් උපකරණ බෙදාදිමේ වැඩ සටහනක් එරබද්ද, බලන්තොට ඇල්ල, රහුපොල යන විදුහල් හිදි 2019 ජනවාරි මස 05 වන දින පවත්වන ලදි.
04th January 2019 09:26:29 Hours
11 වන සේනංක මුලස්ථාන බලප්‍රදේශයේ පිහිටි පේරාදෙණිය, පැණිදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 2018.12.31 වන දින 0800 පැයේ සිට 1630 පැය දක්වා ශ්‍රමදාන කටයුත්තක් සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 00 x 25 කින් යුතු භඨපිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.
03rd January 2019 12:22:08 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන ලිපිකරු වශයෙන් 5 වන කාරක ඉන්ජිනේරු රෙජිමේන්තුවට අයත් බළලත් නිළධාරි 11 පුෂ්පකුමාර එච් එල් යුඑස්පි යන බළලත් නිලධාරි 2019 ජනවාරි මස 01 වන දින සුභමොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
03rd January 2019 12:11:33 Hours
ආරක්ෂක සේනා ( මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (පුහුණු) වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා 2 වන විශේෂ බලකායට අයත් මේජර් ටි එම් එන් ආර් තැන්නේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 ජනවාරි මස 02 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
01st January 2019 18:04:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති 11 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යේෂ්ඨ නිළධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත සේනාංකයේ රාජකාරියේ නියුතු නිලධාරින්/සෙසුනිලයින්ගේ දායකත්වයයෙන් බුද්ධ ප්‍රතිමාව සහ නවතමයෙන් ඉදිකරනු ලැබු බෝධි ප්‍රාකාරය 2018.12.21 වන දින 1700 පැයට පමන සේනාංකාධිපති තුමා ඇතුළු නිලධාරි/සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන්ගේ ප්‍රධානත්වයෙන් ගරුතර සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදු කරන ලදි.
29th December 2018 13:00:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් 11 සේනාංක මුලස්ථානයේ රාජකාරි ඉටුකරමින් සිටින සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන්ගේ සුහදත්වය ඇති කිරිම සහ චිත්ත ධෛර්යය වර්ධණය කිරිමේ අරමුණෙන් 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත සෙසුනිළයින් හා සිවිල් සේවක මහතුන්ගේ පවුලේ සාමාජිකයින් උදෙසා 2018.12.23 වන දින සංගිත සැදෑවක් හා විනෝද ක්‍රිඩා රාශියක් සුදානම් කොට රාත්‍රි ආහාර වේලක්ද ලබා දෙන ලදි.
28th December 2018 20:33:51 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් පිහිටා ඇති 11 සේනා මුලස්ථාන බළප්‍රදේශයේ පසු ගිය දිනවල නොකඩවා ඇද හැළුණු මහ වැසි හේතුවෙන් 11 වන සේනාංක මුලස්ථානයෙහි සිවිල් සෙවකයෙකු වශයෙන් සේවය ඉටුකරමින් සිටි එෆ්/8660 අංක දරන ඩිඑම් තිලකරත්න යන මහතාගේ නිවස මතට විශාල ගල් පර්වතයක් වැටිම හේතුවෙන් එම මහතාගේ හත් හැවිරිදි දියණිය ඉන් මරණයට පත්වී ඇත.