06th December 2018 08:55:44 Hours
මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් යුද්ධ හාමුදාධිපති තුමාන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ඡ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුර්ණ උපදෙස් පරිදි මෙම මුලය යටතේ පාලනය වන 12 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපතිගේ අධික්ෂණය හා මගපෙන්වීම මත 18 වන ගැමුණු හේවා බළඇණිය හා 3 ශ්‍රී ලංකා ජතික ආරක්ෂක බළමුළුවේ රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඩෙංගු මර්ධන වැඩසටහනක් 2018 නොවැම්බර් මස 30 වන දින හා 2018 දෙසැම්බර් මස 02 වන දින පවත්වන ලදී.
01st December 2018 16:53:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 122 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කර්නල් ඩබිආර්එමිඑමි රත්නායක ආර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යේෂ්ඨ නිළධාරිගේ සහභාගිත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් නවයක් සදහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2018.11.30 වන දින සිදු කරන ලදී.
30th November 2018 21:12:35 Hours
15th November 2018 20:23:06 Hours
ආරක්ෂක සේවා අණ හා මණ්ඩලික විද්‍යාලයෙහි වැඩමුලුවක් පැවත්විම සදහා මෙරටට පැමිණෙන ලද ඉන්දිය ත්‍රිවිධ හමුදාවට අයත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් පිරිසක් මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් මහනුවර ශ්‍රි දළදා මළිගාව වැදපුදා ගැනිම සදහා 2018.11.11 වන දින 11 සේනාංක බළප්‍රදේශයට පැමිණෙන ලදි.
15th November 2018 19:38:09 Hours
ආරක්ෂක සේනා මධ්‍යම යටතේ පාලනය වන 11 සේනාංක මුලස්ථාන බළප්‍රදේශයේ මහනුවර සේවා මුක්ත භට සංගමය මගින් සංවිධානය කරන ලද සන්නද්ධ සේවා අනුස්මරණ දිනයට සමගාමිව රණවිරුවන් සිහිකිරිමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර තුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී යුධ හමුදා ස්මාරකය අභියසදි 2018.11.11 වන දින අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.
13th November 2018 21:22:20 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ලෝකාන්තය නැරඹිමට 2018.11.11 වන දින පැමිණි ජර්මන් ජාතික විදෙස් කාන්තාවක් ඡයාරූප ගැනිමට සැරසීමේදි පයලිස්විමෙන් ඉන් පහලට ඇද වැටි මියයාම හේතුවෙන් එම සිරුර සොයා ගැනීම සදහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත
09th November 2018 12:33:32 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ ස්ථාපිත කර ඇති 11 සේනාංකය යටතේ පාලනය වන පල්ලේකැලේ විරු කැකුළු පෙර පාසලේ ඉගෙනුම ලබන දුදරුවන්ගේ කුසලතාවයන් හා හැකියාවන් එළිදැක්වීමේ ප්‍රසංගය 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යේෂ්ඨ නිළධාරිගේ පුර්ණ උපදෙස් හා අධීක්ෂණය යටතේ 2018.11.07 වන දින පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ විද්‍යපීඨ උත්සව ශාලාවේදී පවත්වන ලදී.
09th November 2018 12:20:45 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ ස්ථාපිත මහනුවර මහාමායා බාලිකා විදුහලේ බාළදක්ෂිකා කණ්ඩායමේ සිසුවියන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන SEGNO ගවේෂණ තරඟාවලිය සඳහා මෙවරද මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් මත යුද්ධ හමුදා උපදේශකත්වය ලබාදී 2018.11.03 වන දින උදැසන 0630 පැයේ සිට 1800 පැය දක්වා දුණුමඩලාව රක්ෂිතයේදි සිදු කරන ලදි.
02nd November 2018 18:04:59 Hours
ශ්‍රි ලංකා විදුලිබල මණ්ඩලයේ 49 වන සංවතසරය නිමිත්තෙන් මහනුවර පේරාදෙණිය විදුලිබල මණ්ඩල පරිශ්‍රයේදි ලේ දන්දීමේ කදවුරක් සඳහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පි ද සිල්වා යුඑස්පි එන්ඩියු අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් අනුව 11 සේනාංකයේ සේනාංකාංධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යේෂ්ඨ නිළධාරිගේ පුර්ණ අධික්ෂණය මත ලේ දන්දිමේ කදවුර සඳහා යුද්ධ හමුදා සහය 2018.11.01 වන දින උදැසන 0900 පැයේ සිට 1500 පැය දක්වා ලබා දෙන ලදි.
01st November 2018 17:03:47 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) හා බළප්‍රදේශය යටතේ රාජකාරි කරනු ලබන ඡ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරින් හට යන WORKSHOP FOR THE MEMBERS OF THE SRI LANKA ARMY ON IHL මාතෘකාව විදහා දක්වමින් දේශනයක් අන්තර් ජාතික රතුකුරුස සංගමය විසින් 2018 ඔක්තෝබර් මස 31 වන දින 0900 පැයේ සිට 1000 දක්වා සෙව්බපුපා ප්‍රධාන දේශණ ශාලාවේදි පවත්වන ලදි.