02nd November 2024 19:39:43 Hours
මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ වෙතින් වාරෂික පවත්වනු ලබන ත්‍යාග ප්‍රධානෝත්සවය ඓතිහාසික මහියංගන රජමාහ විහාරධිපති අතිපුජ්‍ය උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිහිතාහිධාන නාහිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් 2024.10.31 වන දින 0800 පැයට කටුගස්තොට ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලිකා විද්‍යාලයේ ශ්‍රවනාගාරයේදි පැවැත්වු අතර, එම උත්සවයේ විශේෂ ආරධිත අමුතා වශයෙන් 11 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු ආර්එස්පි යුඑස්පි පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි.
22nd October 2024 06:39:41 Hours
12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ මොණරාගල දිස්ත්‍රික්කයට අයත් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ‘රනුගල්ල ශ්‍රි සිද්ධාර්ථ දහම් පාසලෙ’ හි ඉගෙනුම ලබන සිසුන් 108 දෙනෙකු හට අවශ්‍ය පොත් හා උපකරණ ලබාදීම 2024.10.20 වන දින සිදුකරන්නට යෙදුනි. ඒ සඳහා වූ මුල්‍ය දායකත්වය ‘HOPE FOR LIFE OF LANKA’ ආයතනය විසින් සපයා දෙන ලදි.
18th October 2024 08:00:00 Hours
බදුල්ල, පස්සර මඩොල්සීම ප්‍රදේශයේ පුංචි ලෝකාන්තය යන ස්ථානයෙන් මීටර 200 ක් පමණ බෑවුමකට සිවිල් පුද්ගලයෙකු ඇද දමා මියයෑමෙන් අනතුරුව අතුරුදහන්ව තිබු අදාල මළ සිරුර සොයා ගොඩගැනිම සඳහා ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව ආසේමු (මධ්‍යම) ආඥාපතිගේ උපදෙස් මත 112 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ අධික්ෂණය යටතේ මඩොල්සීම පොලිස් ස්ථානය හා එක්ව 112 පාබල බළසේනා මුලස්ථානයේ සහ කුඩාඔය කමාන්ඩෝ පුහුණූ පාසැලේ කමාන්ඩෝ භඨ පිරිස් විසින් අදාල මළ සිරුර දැඩි පරිශ්‍රමයකින් අනතුරුව 2024 ඔක්තෝබර් මස 16 වන දින 1255 පැයට මුදවා ගෙන අදාල පරික්ෂණ කටයුතු සඳහා අවැසි යුද්ධ හමුදා සහය ලබා දෙන ලදි.
14th October 2024 08:00:00 Hours
කොළඹ රාජකීය විද්‍යාලීය රතු කුරුස සංගමය විසින් සංවිධානය කරන ලද රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා 12 වන පාබල සේනාංකයේ භඨ පිරිස් විසින් 2024 ඔක්තෝබර් 12 වන දින හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී තම රුධිරය පරිත්‍යාග කරන ලදී.
12th October 2024 21:22:52 Hours
11 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු ආර්එස්පි යුඑස්පි පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.10.09 වන දින, මධ්‍යම පලාත් ගරු ආණ්ඩුකාර එස් බී එස් අබේකොන් මහතා හමුවන ලදී.
12th October 2024 21:14:43 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2024 ඔක්තෝබර් 10 වන දින රණකෙළිය - තිස්සමහාරාම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා අලුතින් ඉදිකරන ලද නිවසක් භාරදීමට කටයුතු සිදුකරන ලදි. මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා 12 ගජබා රෙජිමේන්තුවේ භඨ පිරිස් සිය ශ්‍රම දායකත්වය ලබා දුන් අතර, චන්ද්‍රානි ජයසූරිය මහත්මිය විසින් මුල්‍ය අනුග්‍රහය නොමසුරුව ලබා දෙන ලදී.
12th October 2024 11:02:54 Hours
ශ්‍රීලංකා යුද්ධ හමුදාවට වසර 75 ක් සැපරීම නිමිතිකොට ගෙන ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම යටතේ අරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සේනා මුලස්ථානයේදී 75 වන සංවත්සරය අභිමාණවත් ලෙස සමරනු ලබයි.
10th October 2024 08:00:00 Hours
75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව 11 පාබල සේනාංක මුලස්ථානයේ රාජකාරි කරනු ලබන නි/11613 කපිතන් අයි එන් ගුණවර්ධන, නි/70660 කපිතන් ටි ඊ රියගොල්ල යන නිළධාරි /නිළධාරිනිය ලුතිතන් නිලයේ සිට කපිතන් නිලය දක්වා යුද්ධ හමුදා මුලස්ථානය වෙතින් නිල උසස් කර ඇත.
09th October 2024 00:00:00 Hours
11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව 11 පාබල සේනාංක මුලස්ථානය සහ එය යටතේ පාලනය වන පාබල බසේමු /ඒකකයන් වෙතින් විහාරස්ථාන,පාසල්,රෝහල් හා වැඩිහිටි නිවාසයන් පිරිසිදු කිරිම් /ශ්‍රමදානමය වැඩසටහන් මාලාවක් 2024.10.09 වන දින යුද්ධ හමුදා භටපිරිස් සහයෝගයෙන් සිදුකරන ලදී.
08th October 2024 08:00:00 Hours
11 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු ආර්එස්පි යුඑස්පි පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.10.08 වන දින, 11 වන පාබල සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන 2 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකය වෙත නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි.