21st September 2024 18:36:06 Hours
ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරය දිනයට සමගාමීව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි 122 වන පාබල බලසේනාවේ බලසේනාධිපති අධික්ෂණය යටතේ හම්බන්තොට අභයපුර සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේ රැස්වීම් පවත්වනු ලබන ගෙමිදුල ඉන්ටර්ලොක් ගල් අතුරා සකස් කිරිමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් 14 වන දින සිදු කරන ලදී.
20th September 2024 19:49:49 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාව හා සිවිල් ජනතාව අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව 121 පාබසේමූ යටතේ පාලනය වන 20 ශ්රීලංසීරෙ ඒකක බළප්‍රෙද්ශයට අයත් ගෝතමීගම ඩෝසර් වැව හංදියේ සිට ගෝතමීගම ගම්මානය දක්වා දිවෙන ඇල මාර්ගය සහ මාර්ගය දෙපස සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් 20 ශ්‍රීලංසිරෙ ඒකකයට අයත් භඨපිරිස් විසින් 2024 සැප්තැම්බර් 12 වන දින සිදු කරන ලදි.
18th September 2024 08:00:00 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව සිවිල් ජනතාව අතර, සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) මේජර් ජෙනරාල් බීකේජීඑම්එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ සංකල්පයකට අනුව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් පීකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බීඩබ්ල්ව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එව්ඩීයු පිඑස්සී ගේ මඟ පෙන්වීමෙන් 121 පාබල බසේමූ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේජීඑම්එන් සෙනවිරත්න යුඑස්පී ගේ සම්බන්ධිකරණයෙන් 18 ගැහේබ ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ඩිඒකේ පලිහේනගේ පුර්ණ අධික්ෂණයෙන් 18 ගැහේබ ඒකක භඨපිරිස් හී ශ්‍රම දායකත්වයෙන් ළමුන් 40 ක් සිටින මදුරුකැටිය සමාදි ළමාසංවර්ධන මධ්‍යස්ථානය වටා ආරක්ෂිත වැටක් 2024 සැප්තැම්බර් 07 වන දින සිදු කරන ලදි.
12th September 2024 10:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් බිකේජිඑම්එල් රොද්‍රිගෝ RSP psc IG යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත යුධ හමුදා සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් සහ තම පවුලේ සාමාජිකයන් හට ගුණාත්මක හා සෞඛ්යාරක්ෂිත ආහාර වේලක් ලබාදීමේ අරමුණින් ආඥාපති භකාස අණසක ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා රෝහල දියතලාව වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ආරාධනයෙන් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේඒම් ජිවන ප්‍රසන්න මහතා ඇතුළු හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්ය මණ්ඩලෙය් සහභාගීත්වයෙන් 2024.09.12 වන දින ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශය තුල සූපවේදී රාජකාරියෙහි නියුතු යුධ හමුදා අයවළුන් හා සිවිල් සේවක මහත් මහත්මින් සඳහා රසකාරක භාවිතය හා සෞඛ්යාරක්ෂිත ආහාර පරිහරණය පිළිබඳව දැනුවත් කිරිමේ දේශණයක් ආරක්ෂක සේනා මුලස්ථාන දේශන ශාලාවේදී සිදුකරන ලදි.
08th September 2024 13:31:37 Hours
11 වන පාබල සේනාංකයේ නව සේනාකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් කේඒයු කොඩිතුවක්කු ආර්එස්පි යුඑස්පි පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 සැප්තැම්බර් මස 06 වන දින පාබල සේනාංක මුලස්ථානයේදි ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් හමුදා විධිවිධාන අනුව නව ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
08th September 2024 07:45:14 Hours
12 පාබල සේනාංක මූලස්ථාන බලප්‍රදේශයේ පිහිටි මයුර මෙත් සෙවණ විහාරස්ථානයේ විහාරාධිපති විසින් කරන ලද ඉල්ලීමකට අනුව විහාරස්ථාන පරිශ්‍රය වටා ඉදිකරන ලද තාප්පය කපරාරු කර තීන්ත ආලේප කිරීම 12 වන පාබල සේනාංකයේ සේනාංකාධපති ගේ උපදෙස් පරිදි එම සේනාංකයේ භඨ පිරිස් විසින් සිදු කරන ලදි.
04th September 2024 08:00:00 Hours
12 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් අම්බලන්තොට බැරගම ප්‍රාදේශීය රෝහලේ වාට්ටු සංකීර්ණය, වැසිකිලි පද්ධතිය සහ හෙද විවේකාගාරය ප්‍රතිසංස්කරණය කරන ලදී.
04th September 2024 08:00:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් 2024.09.04 වන දින ඒකක බලප්‍රදේශය තුල ශ්‍රමදානමය වැඩසටහනක් සිදු කරන ලදි. එදින භඨ පිරිස් විසින් තණමල්විල සිත් සෙවණ විශේෂ අවශ්‍යතා සහිත ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කරන ලදී.
01st September 2024 15:41:21 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා 75 වන සංවත්සරයට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බළප්‍රදේශයට අයත් 122 පාබල බළසේනා මුලස්ථාන බළප්‍රෙද්ශයේ පිහිටා ඇති හම්බන්තොට මුහුදු වෙරළ තීරය සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 12 වන සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි 122 පාබල බළසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ එම පාබල බළසේනාවේ, 12 ගරෙ සහ 3 ශ්රිලංජාආබමූ ඒකකයන්හි 01x100 ක භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් 2024 අගොස්තු මස 30 වන දින සාර්ථකව සිදුකරන ලදි.
31st August 2024 08:00:00 Hours
11 වන පාබල සේනාංකයේ සේනාකාධිපති ලෙස රාජකාරින් ඉටුකරන ලද මේජර් ජෙනරාල් ආර් එම් එම් රණසිංහ WWV RWP RSP ජ්‍යෙෂ්ඨ නිලධාරි සේනාකාධිපති රාජකාරින් 2024.08.31 වන දින නික්මව වන ලදි.