07th October 2024 08:00:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 2024 ඔක්තෝම්බර් 05 සහ 06 යන දිනයන්හිදී 3 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ භඨ පිරිස් විසින් ශ්‍රමදාන දෙකක් පවත්වන ලදී. ඉහත සදහන් දිනයන්හිදී 01X15 වක භඨ පිරිසක් විසින් බෙලිඅත්ත ඉහළ බෙලිගල්ල රත්නායක වැඩිහිටි නිවාසය සහ කතරගම රජයේ වැඩිහිටි නිවාසය පිරිසිදු කරන ලදී
02nd October 2024 08:00:00 Hours
ලෝක ළමා දිනය නිමිත්තෙන් කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මේජර් අමිත් පුෂ්ප කුමාර ශ්‍රිලකාහ ගේ සම්බන්ධීකරණයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ‘මුණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ’ සිසුන් 30 ක් සහ ‘හෙලගම ප්‍රාථමික විද්‍යාලයේ’ සිසුන් 175ක් දෙනෙකු සඳහා පාසල් පාවහන් සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 ඔක්තෝබර් 01 වන දින හෙලගම ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී සිදු කරන්නට යෙදුනි.
01st October 2024 08:00:00 Hours
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG, 2024 ඔක්තෝබර් මස 01 දින 1 වන ශ්‍රි ලංකා රයිෆල් බලකායේ නිල සංචාරයක නිරත විය.
30th September 2024 08:00:00 Hours
මෙම ආසේමු (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ටිසි හරස්ගම ආර්ඒස්පි (නි/62587) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.09.30 වන දින ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
29th September 2024 18:50:06 Hours
අනෙකුත් ආරක්ෂක අංශ සහ පොලිසිය අතර සම්බන්ධීකරණය, සහයෝගීතාවය, තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා බුද්ධි සම්බන්ධීකරණ සාකච්ඡාවක් 2024 සැප්තැම්බර් 28 දින සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.
29th September 2024 08:00:00 Hours
2024 ඔක්තෝම්බර් මස 10 වන දිනට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට වසර 75 ක් සපිරීම නිමිති කොට යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා RWP RSP USP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මඟපෙන්වීම මත දියතලාව ආරක්ෂක සේනා මුලස්ථාන කදවුරට යාබදව පිහිටා ඇති පළාත් ආයුර්වේද මහ රෝහල් පරිශ්‍රය තුල නේවාසිකව බාහිර ප්‍රථිකාර ලබාගන්නා රෝගීන් සඳහා වඩාත් හිතකර පරිසර පද්ධතියක් රෝහල තුල නිර්මාණය කිරීමට එම රෝහලේ රෝහල් අධ්යක්ෂ ඇතුළු වෛද්‍ය ,හෙද සහ සෙසු රෝහල් කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව රෝහලේ පරිසර පද්ධතිය සුද්දපවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2024.09.27 වන දින එම රෝහල් භූමියේදි සිදු කිරිමට කටයුතු කරන ලදි.
27th September 2024 08:00:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා 75 වන සංවත්සර දිනයට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බලප්‍රදේශයට අයත් 122 පාබල බලසේනා මූලස්ථාන බලප්‍රදේශයේ පිහිටා ඇති තිස්සමහාරාම පුබුදු පෙර පාසල සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 12 වන පාබල සේනාංකායේ සේනාංකාධිපති ගේ උපදෙස් පරිදි 122 පාබල බළසේනාවේ බලසේනාධිපති ගේ අධික්ෂණය යටතේ 122 පාබසේමූ සහ 12 ගරෙ 01x25 ක භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් 2024 සැප්තැම්බර් 24 වන දින සාර්ථකව සිදු කරන ලදි.
25th September 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් බදුල්ල පස්සර පාර 2 කණුව ප්‍රදේශයේ ගැනර් ෆ්යින් වත්ත ආසන්නයේ රක්ෂිත වන ප්‍රදේශයේ 2024.09.24 වන දින හදිසියේ ඇති වු ලැව් ගිණි තත්වයක් යුද්ධ හමුදා භඨ පිරිස් විසින් සර්ථකව මැඩපවත්වන ලදි. 112 පාබල සේනා බලකාධිපතිගේ උපදෙස් මත එම බලකායේ 4 « 48 දෙනකුගෙන් යුත් භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
25th September 2024 08:00:00 Hours
11 පාබල සේමු බළප්‍රදේශයට අයත් ථෙතියාසික මහියංගන රාජමහා විහාරයේ වාර්ෂික පවත්වනු ලබන පෙරහැර සාර්ථක අයුරින් සිදු කිරිම සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම හා උපදෙස් මත යුධ හමුදා සහය ලබාදීමට කටයුතු කර ඇත. මෙම ආගමික වැඩසටහනේ අවසන් රන්දෝලි පෙරහැර 2024.09.17 වන දින පැවැත්වු අතර, එම අවස්තාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහභාගීවන ලදි.
22nd September 2024 18:20:31 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ ගල් ඒදන්ඩ කඳු ප්‍රදේශයේ 2024.09.21 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ උපදෙස් පරිදි මෙම මූලයේ නිලධාරීන් තිදෙනකු හා සෙසු නිලයින් හැට දෙදෙනකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.