28th January 2025 00:00:00 Hours
11 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරින් සංකල්පයකට අනුව 11 වන පාබල සේනාංකය යටතේ රාජකාරි කරනු ලබන නිළධාරින් හා සෙසු නිලයන්ගේ වත්මන් රාජකාරි සිදුකරන ප්‍රදේශය පිළිබඳ දැනුම වර්ධනය කිරිමේ අරමුණින් කන්ද උඩරට රාඡධානියේ ඉතිහාසය පිළිබඳ ඉතා අගනා දේශණයක් මානව ශ්රාස්ත්ර අධ්‍යයන අංශය - සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පිඨය, ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලයෙහි මහාචාර්ය අජිත් තල්වත්ත මහතා විසින් 2025.01.27 වන දින 1000 පැයේ සිට 1300 පැය දක්වා මහනුවර කන්ද උඩරට සංස්කෘතික කේන්ද්‍ර දේශණ ශාලාවේදි පවත්වන ලදී.
27th January 2025 21:16:46 Hours
11 වන පාබල සේනාංකය යටතේ ඇති 641 පාබල බසේමු වෙතින් පාලනය වන 4 ශ්‍රීලපාහ ඒකකය විසින් සංවිධානය කරනු ලබන අඩු අදායම්ලාභි පවුල්වල සිටින 2025 ශිෂ්‍යත්ව විභාගයට පෙනිසිටිමට නියමිත සිසු/සිසුවියන් 100 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2025.01.21 වන දින 1030 පැයට 641 පාබල බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් යුආර්අයිබී රණතුංග ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සහ විදේශිය පරිත්‍යාගකරුවකු වන කේ සුරේෆ් මහාතාගේ මුල්‍යමය අනුග්රාහයෙන් කිරලගොල්ල ප්‍රථමික විද්‍යාලයේදි සිදුකරන ලදී.
27th January 2025 21:10:05 Hours
මොණරාගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මගපෙන්වීම මත 18 ගැමුණු හේවා බළකායට අයත් භට පිරිස් කරගහවෙල ගම්මානයේ ගොවි ජනතාව සමඟ 2025 ජනවාරි 26 වන දින බිබිල අලවත්ත කුඹුර වැව් බැම්ම ඛාදනය වීම වළක්වා ගන්නා ලදි.
25th January 2025 21:32:02 Hours
12 වැනි පාබල සේනාංකයට අනුයුක්ත රාජකාරි කරනු ලබන යුද හමුදා බුද්ධි අංශය තොරතුරු මත තංගල්ල විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් එක්ව 2025 ජනවාරි 25 වන දින සැකකරුවෙකු සමඟ සුදු හඳුන් කිලෝග්‍රෑම් 123 ක් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගන්නා ලදී. තංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
25th January 2025 21:27:43 Hours
දිවයින පුරා ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ ඉල්ලීම පරිදි 12 වන පාබල සේනාංකයේ රාජකාරී සිදු කරනු ලබන භඨ පිරිස් විසින් 2025 ජනවාරි 22 සහ 23 යන දිනයන් හිදි හම්බන්තොට බටහිර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශවල නිවාස 897 ක් ආවරණය වන පරිදි ඩෙංගු වැළැක්වීමේ වැඩසටහන සඳහා සහය දක්වන ලදි.
23rd January 2025 07:06:12 Hours
12 වන පාබල සේනාංකයට අනුයුත්ත රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා බුද්ධි අංශය සහ විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් එක්ව 2025 ජනවාරි 20 වන දින සැකකරුවෙකු සමඟ හෙරොයින් මිලිග්‍රෑම් 1130 ක් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගන්නා ලදී. ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තිස්සමහාරාම පොලිසිය විසින් සිදු කරනු ලැබේ
23rd January 2025 07:04:05 Hours
12 වන පාබල සේනාංකයට අනුයුත්ත බුද්ධි අංශය වෙත ලැබුනු බුද්ධි තොරතුරක් මත එම භඨ පිරිස් සහ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් භඨ පිරිස් සහ කතරගම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව 2025 ජනවාරි 14 වන දින යාල ජාතික වනෝද්‍යානයේ අංක 4 කොටස තුළ ගංජා හේන් තුනක් තුල වගා කර තිබූ ගංජා ගස් 163000 ක් සොයාගෙන විනාශ කරන ලද අතර, ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කතරගම වනජීවී සංරක්ෂණ නිලධාරීන් විසින් සිදු කරනු ලැබේ.
23rd January 2025 07:00:36 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩිකේඑස්කේ දොලගේ යුඑස්පී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ දියතලාවවිරුකැකුළු පෙර පාසලේ ආදරණිය දුවා දරුවන්ගේ හැකියාවන් දක්ෂතාවයන් විදහා දැක්වීම සඳහා වාර්ෂිකව පවත්වන ලබන වැඩසටහන 2025 ජනවාරි මස 21 වන දින ඉතාමත් විචිත්‍රවත් අයුරින් පවත්වන ලදි.
16th January 2025 19:01:41 Hours
විජයභාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් සුමල් හේමරත්න ආර්ඩබ්ල්ව්පි ආර්එස්පී පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 12 වන පාබල සේනාංකයේ 18 වන නව සේනාකාධිපති වශයෙන් 2025 ජනවාරි මස 15 වන දින පාබල සේනාංක මුලස්ථානය හම්බන්තොට හිදි ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් හමුදා විධිවිධාන අනුව නව ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
16th January 2025 14:58:30 Hours
12 වන පාබල සේනාංකයට අනුයුක්ත යුද්ධ හමුදා බුද්ධි අංශයේ භට පිරිස් සහ තංගල්ල පොලිස් නිලධාරීන් එක්ව 2025 ජනවාරි මස16 වන දින ලැබුණු තොරතුක් මත තංගල්ල ප්‍රදේශයේදි නීතිවිරෝධී සිගරට් 1200 ක් (මැන්චෙස්ටර්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සහය ලබාදි ඇති අතර, සැකකාර පුද්ගලයා සහ එම සිගරට් පිළිබඳව ඉදිරි කටයුතු තංගල්ල පොලිස් ස්ථානය වෙතින් සිදුකරනු ලබයි.