15th August 2024 22:11:39 Hours
75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 12 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 121 වන පාබල බලසේනාවට අයත් 18 ගැහේබ භට පිරිස් විසින් මාලිගාවිල ප්‍රදේශයේ දිළිඳු පවුලක් සඳහා නව නිවසක් යුද්ධ හමුදා සම්බන්ධීකරණ අනුග්‍රහයෙන් ඉදිකරන ලදී. එය 2024 අගෝස්තු 13 දින ප්‍රතිලාභී පවුල වෙත භාරදීමට කටයුතු සිදුකරන ලදි.
14th August 2024 10:00:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ පිහිටා ඇති ෙඑතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යට සමගාමීව පැවැත්වෙන චාරිත්‍ර හා තේවාවන් සබැදිව දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරක්ෂකසේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල්රොද්රිගෝ RSP psc IG යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත 2024.08.14 වන දින බදාදා පුහුණුවිම් දිනයට සමගාමිව දේශණයක් සිදුකරන ලදි.
14th August 2024 08:00:00 Hours
75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 12 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndc psc ගේ උපදෙස් සහ මගපෙන්වීම මත 12 වන පාබල සේනාංකය විසින් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල සිසුන් ඉලක්ක කර ගනිමින් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ආදර්ශ ප්‍රශ්න පත්‍ර බෙදා හරින ලදි. 2024 අගෝස්තු 14 සහ 15 යන දිනයන්හිදී දිස්ත්‍රික්ක දෙකෙහිම ආදර්ශ පත්‍රිකා 3500 ක් සිසුන් සඳහා බෙදා දෙනු ලැබූ අතර, මෙම වැඩසටහනට රාජකීය විද්‍යාලය කොළඹ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා සහ බෝජය කසුන් මහතා විසින් අනුග්‍රහය දක්වන ලදී.
07th August 2024 13:13:25 Hours
26th July 2024 20:06:26 Hours
12 වන පාබල සේනාංක මුලස්ථානයේ 17 වන සේනාංකාධිපති ලෙස නව ධුරයේ රාජකාරි ඇරඹු මේජර් ජෙනරල් පිකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බිඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 ජූලි 24 දින 121 පාබල බළසේනා මුලස්ථානය, 20 ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තු ඒකකය සහ 18 ගැමුණු හේවා මුලස්ථානයෙහි නිල සංචාරයේ නිරත වෙන ලදි.
25th July 2024 20:14:54 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ කළුඅඹතැන්න කඳු ප්‍රදේශයේ 2024.07.26 වන දින අළුයම ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමාගේ උපදෙස් පරිදි මෙම මුලස්ථානයේ රාජකාරි නියත නිලධාරීන් හා සෙසු නිලයින් සහ 23 වන විජයබා රෙජිමේන්තුවේ සෙසු නිලයින් (04x45) පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
25th July 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයේ රියදුරු රාජකාරි නියුතු යුධ හමුදා සාමාජිකයින් සඳහා රියදුරු රාජකාරින් පිළිබදව සහ වාහන නඩත්තු ක්‍රියා පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් 2024.07.25 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දේශණ ශාලාවේදි පවත්වන ලදි. මෙම දේශණ අධියර වශයෙන් සියලු පාසේමු හා පාබසේමු ආවරණය වන පරිදි සිදුකිරීමට නියමිතව ඇත.
23rd July 2024 20:09:09 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ පිහිටා ඇති රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා පැමිණි අයවලුන් වෙනුවෙන් දන්සල් වැඩසටහන 12 වන පාබල සේනාංකයට අනියුක්තව රාජකාරි කරනු ලබන භඨපිරිස් සහ පොලිසිය එක්ව සිදු කරන ලදි.
23rd July 2024 08:00:00 Hours
12 වන පාබල සේනාංක මුලස්ථානයේ 17 වන සේනාංකාධිපති ලෙස නව ධුරයේ රාජකාරි ඇරඹු මේජර් ජෙනරල් පිකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී තම පළමු නිල සංචාරය 122 පාබල බළසේනා මුලස්ථානය, 12 වන ගජබා රෙජිමේන්තුව සහ 3 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළු මුලස්ථානයෙහි 2024 ජූලි 23 දින සංචාරයේ නිරත වෙන ලදි.
20th July 2024 15:29:24 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් හල්දමුල්ල රක්ෂිත වන ප්‍රදේශයේ 2024.07.19 වන දින හදිසියේ ඇති වු ලැව් ගිණි තත්වයක් යුද්ධ හමුදා භඨ පිරිස් විසින් සර්ථකව මැඩපවත්වන ලදි. ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති උපදෙස් පරිදි 112 පාබල සේනා මුලස්ථානය යටතේ පලනය වන 23 විපාරෙ ඒකකයේ 02 « 24 දෙනකුගෙන් යුත් භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.