02nd February 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) කඳවුරු බල ප්‍රදේශයේ දියතලාව සිට වැලිමඩ දක්වා දිවෙන අතුරු මාර්ගයේ කළු අඔතැන්න ග්‍රාමයේ ගල්කොරිය අසල බෝක්කුවේ ගල් කැබලි හා අපද්‍රව්‍ය එකතු වී අවහිරවී ජලය මාර්ගය උඩින් ගමන් කිරීම හේතුවෙන් එම තාරපාර කාදනයට ලක්ව අබලන් තත්වයට පත්ව ඇත. ආරක්ෂක සේනා මුලස්ථානයේ (මධ්‍යම) භට පිරිසක් හා 64 ඉංජිනේරු බලඝනයේ JCB යන්ත්‍ර ආධාරයෙන් එම බෝක්කුව අවහිර වීම පිළිසකර කර කාණු පද්ධතිය තුලින් ජලය බැසයන සේ නැවත සකස් කරීමට කටයුතු කරන ලදි .
01st February 2024 08:00:00 Hours
දිවයින පුරා පවතින රෝහල් වැඩවර්ජනය හේතුවෙන් රෝගින්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනිම සඳහා යුද්ධ හමුදා දායකත්වය ලබාදෙන ලදි.
31st January 2024 08:00:00 Hours
මෙම මූල බල ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික ශ්‍රී පාදස්ථාන පුදබිම වැඳ පුදා ගැනීම සදහා මම වැද පුදා ගැනිම සදහා කන්දෙයාය මෙත්තාරාම විහාරස්ථානය පුත්තලමෙහි වැඩ වසන පූජ්‍ය දියදොර මෙත්තානන්ද නායක ස්වාමීන් සහන්සේ සමඟ එහි වැඩවසන සාමනේර හිමිවරු සමගින් හිමිවරු 16 දෙනෙකු 2024.01.31 වන දින වැඩම කල අතර, ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි එම ස්වාමින් වහන්සසේලා ශ්‍රි පාදස්ථාන පුද බිම වෙත වැඩමවාගෙන යාම සදහා 19 ශ්‍රිලංජාආබමු ඒකකයෙහි 06 කින් යුතු භටපිරිසක් සහභාගිවන ලදි.
30th January 2024 08:00:00 Hours
112 පාබල බලසේනාවේ 73 වන සංවත්සරය 2024 ජනවාරි මස 30 වන දින 112 පාබල බළසේනා මුලස්ථානයේ 53 වන බළසේනාධිපති කර් නල් ඩබ්විලිඒජේ හේමචන්ද්‍ර ආර් එස්පී පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ අධික්ෂණය හා මඟපෙන්විම යටතේ ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි
30th January 2024 08:00:00 Hours
12 වන පාබල සේනාංක බලපදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණූගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොටිටාශයේ ලුණූගම්වෙහෙර ජලාශයේ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් එහි වම් ඉවුරේ ව්‍යාප්තව තිබූ අහිතකර ශාක වර්ග ඉවත් කිරීමේ සමාජ සත්කාරක වැඩ සටහනක් 2024.01.29 සිට 2024.01.30 වන දින දක්වා සිදුකරන ලදී.
30th January 2024 00:00:00 Hours
12 වන පාබල සේනාංක බලපදේශයට අයත් මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය හඳපානාගල ප්‍රාදේශීය මෙත් සේවා පදනම මඟින් විශේෂ අවශ්‍යතා සහිත අයවලුන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන නිවෙස්නෙහි සිටින නිවැසියන් 128 දෙනෙකු හට ප්‍රණීත රාත්‍රී ආහාර වේළක් ලබා දී කැලිප්සෝ සංගීතය සමඟ එක් වූ විනෝදාත්මක රාත්‍රයක් සංවිධානය කිරීම 20 ශ්‍රීලංසිරෙ ඒකකය වෙතින් 2024.01.30 වන දින සිදුකරන ලදී.
18th January 2024 15:31:32 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව කර්නල් ප්‍රමානි වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවට අයත්, නි/63346 කර්නල් ජේ ඒ සී කරුණාතිලක ආර්එස්පි යුඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 ජනවාරි මස 16 වන දින පෙ:ව 1022 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
17th January 2024 12:18:11 Hours
දිවයින පුරා පවතින රෝහල් වැඩවර්ජනය හේතුවෙන් රෝගින්ට සිදුවන අපහසුතා මගහරවා ගැනිම සඳහා යුද්ධ හමුදා දායකත්වය ලබාදෙන ලදි.
11th January 2024 19:37:13 Hours
ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය වෙතට 2024.01.10 වන දින රාත්‍රි කාලයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වන ලද අතර, ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් එක් නිලධාරියකු හා දහහතර දෙනෙකුගෙන් යුත් භට පිරිසක් එම ස්ථානය වෙත යොදවා දියතලාව දුම්රිය ස්ථාන නිලධාරීන්ගේ ද සහය ඇතිව මහත් පරිශ්‍රමයක් යොදා පස් කන්ද ඉවත් කිරීමට කටයුතු කර යලි දුම්රිය ධාවනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි.
10th January 2024 00:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය වෙතට 2024.01.10 වන දින රාත්‍රි කාලයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වන ලද අතර, ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් එක් නිලධාරියකු හා දහහතර දෙනෙකුගෙන් යුත් භට පිරිසක් එම ස්ථානය වෙත යොදවා දියතලාව දුම්රිය ස්ථාන නිලධාරීන්ගේ ද සහය ඇතිව මහත් පරිශ්‍රමයක් යොදා පස් කන්ද ඉවත් කිරීමට කටයුතු කර යලි දුම්රිය ධාවනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි