19th November 2025 00:00:00 Hours
මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් හපුතලේ දුම්රිය ස්ථානයට ආසන්නව ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථානය අතර, දුම්රිය මාර්ගයට 2025.11.19 වන දින අළුයම පස් කන්දක් කඩාවැටිම හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වන ලදි. එම අවස්ථාවේ පැමීණි බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියක්ද එම ස්ථානයෙන් ධාවනය කිරීමට නොහැකිව අවහිර වි තිබූ අතර, ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත එම ස්ථානය වෙත 23 වන විජය බාහු පාබල බළඇණිය වෙතින් 01x15 කින් යුත් භඨ පිරිස් ප්‍රමාණයක් සහ ශ්‍රිලංකා ගුවන් හමුදාවේ හා දුම්රිය දෙපාර්මේන්තුවේ සේවකයින් පිරිසක්ද එක්ව පස්කන්ද ඉවත් කර දුම්රිය ධාවනය කිරීමට සුදුසු තත්වයට පත්කරන ලදි.
18th November 2025 16:25:56 Hours
17 වන කැන්බෝරියට සමගාමිව මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය වෙතින් සංව්ධානය කරනු ලැබු පෝතක බාලදක්ෂ දින සැමරුම් උත්සවය 2025.11.16 වන දින 0830 පැයට මහනුවර බෝගම්බර ක්රිඩාංගනයේදී පැවති අතර, ඒ සදහා පෝතක බලදක්ෂයින් 4500 ක් පමණ සහභාගි වන ලදි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි සි එම් ජි එස් ටි කුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වන ලදි.
18th November 2025 00:00:00 Hours
නියෝජ්‍ය ආඥාපති ආසේමු (බටහිර) හා ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජෙකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.11.18 වන දින 3 වන (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකයේ නිරික්ෂණ සංචාරයක නිරත වු අතර, එහිදී නවතමයෙන් ඉදිකරනු ලැබු පිදුරුතලාගල නිලධාරි නිවස්නය එම සංචාරයට සමගාමිව විවෘත කරන ලදි.
14th November 2025 20:29:34 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) 16 වන නව කර් නල් ප්‍රමානි වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් කර් නල් ඩී එම් ජේ ආර් දිසානායක යුඑස්පී පීඑස්සි අයිජි (නි/64223) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 නොවැම්බර් මස 14 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි භාරගන්නා ලදි
10th November 2025 11:49:42 Hours
තලවාකැලේ නගරයේ පිහිටි ග්‍රොසරි වෙලදසැලක් 2025 නොවැම්බර් මස 09 වන දින 1245 පැයට පමණ හදිසි ගිණිගැනීමකට ලක්වීම හේතුවෙන් 11 සේමු යටතේ පාලනය වන 642 බලසේනා මූලස්ථානයේ බලසේනාධිපතිගේ උපදෙස් පරිදි 3 (සෙව්) ශ්‍රීලංසිරෙ ඒකකය වෙතින් 01x29 යුත් භඨපිරිස් ප්‍රමාණයක් කඩිනමින් එම ස්ථානය වෙත ලගාවී ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි
05th November 2025 14:09:09 Hours
පල්ලේකැලේ ආයෝජන කලාපයේ ශක්ති ගිණිපෙට්ට් කර්මාන්තශාලාවේ 2025 නොවැම්බර් මස 05 වන දින හදිසියේ ඇති වු ගින්න මැඩපැවැත්වීමට ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ ඉල්ලීම මත 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති උපදෙස් අනුව යුධ හමුදා භඨ පිරිස් කඩිනමින් ක්‍රියාත්මක විය
02nd November 2025 14:15:06 Hours
යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් බි කේ ජි එම් එල් ජි රොද්‍රිගෝ ආර්එස්පි සිටිඑෆ් - එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් 01 දින ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයේ නිලසංචාරයක නිරත විය.
30th October 2025 17:24:58 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි වශයෙන් ශ්‍රීලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායයට අයත්, කර්නල් ඩබ්ලිව් ඒ ඩි සි එම් සි පෙරේරා යුඑස්පි එල්එස්සි (නි/66100) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 30 වන දින පෙ:ව 0830 පැයට යෙදුණු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.
30th October 2025 12:18:36 Hours
යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) අඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්ඒන්ඒච් බණ්ඩාරණායක යුඒස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ සහ 12 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්එන්කේඩි බණ්ඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 122 පාබල බළසේනාධිපති බ්‍රිගේඩියර් එම්එච්එස්පි සේනාරත්න ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉන්දියාවේ මනිපාල් විශ්ව විද්‍යාලය වෙතින් උපාධිය ලබාගත් කායික වෛද්‍ය ජිනාංජලා ශානිකා විජයගුණසේකර මහත්මියගේ මූල්‍ය අනුග්‍රහයෙන් සහ ප්‍රධානත්වයෙන් ගණකාධිකාරි ආශා නිරෝෂිනි ලොකුවිතාන මහත්මියගේද සහභාගීත්වයෙන් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අඩුආදායම්ලාභීන්ගේ දුවාදරුවන් ඉගෙනුම ලබන තෝරාගත් පාසලක් වන හ/සිතුමිණිවෙල ප්‍රාථමික පාසලෙහි ඉගෙනුම ලබන සිසු සිසුවියන් 43 දෙනෙකු හට පාසල් පොත් සහ පාසලට අවශ්‍ය උපකරණ බෙදාදීමේ සිවිල් ප්‍රජා සත්කාරක වැඩසටහනක් 122 පාබල බසේමූ සම්බන්ධීකරණයෙන් 2025 ඔක්තෝබර් මස 26 වන දින පවත්වන ලදි.
16th October 2025 12:45:24 Hours
76 වන යුද්ධ හමුදා දිනයට සමගාමිව ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) - ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යූඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී සි එම් ජී එස් ටී කුරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගීත්වයෙන් මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පිහිටා ඇති “සරණ සෙවන” පිරිමි ළමා නිවාසයෙහි නේවාසික දරුවන් 18 දෙනෙකු සහ එහි කාර්ය මණ්ඩල සේවකයින් දෙදෙනෙකු සදහා 2025.10.10 දින දිවා ආහාර වේලක් ලබාදීම හා එම දරුවන් හට ක්‍රීඩා කිරීම සදහා ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදි.