12th March 2025 09:00:07 Hours
මහනුවර උසස් බාලිකා විදුහලෙහි ප්‍රාථමික ශිෂ්‍ය නායිකාවන් හට නිල ලාංජන පැළඳවිමේ උත්සවය 2025.03.12 වන දින 0900 පැයට එම විද්‍යාලයේදි පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා විදුහල්පතිණියගේ ආරාධනය මත 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවිය.
07th March 2025 11:00:16 Hours
මහනුවර අංකුඹුර පරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලයේ - 2025 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ටිසි හරස්ගම ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විදුල්පති ආරාධනය මත සහභාගි වන ලදි.
05th March 2025 10:37:49 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බලකායට අයත්, බ්‍රිගේඩියර් කේ ඒ ආර් කේ ඩයස් යූඑස්පී (නි/62847) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මාර්තු මස 05 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
04th March 2025 13:53:23 Hours
CLEAN SRI LANKA වැඩසටහනට සමගාමීව 112 පාබල බලසේනාව අනුයුක්තව රාජකාරි කල 1 ගැහේබ සෙබලුන් විසින් 2025.03.04 වන දින කන්දෙගෙදර සාරන්‍යා දෙමළ පාසල පිරිසිදු කිරීමේ කටයුතුවල නියැලී සිටියදී ඒ අසල නිවසක් නායයෑමකට ලක්වීම හේතුවෙන් එහි පස් වලට යටවු සිවිල් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගන්නා ලදී.
04th March 2025 12:40:44 Hours
නාවලපිටිය ශ්‍රි කවීශ්වර වේළුවනාරාම විහරස්ථ ශ්‍රී සුගත ධර්මෝදය දහම් පාසලේ “ජාත්රාභිෂේක - 2025” ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවිමේ උත්සවය 2025.03.02 වන දින 0830 පැයට එම විහාරස්ථාන ධර්ම ශාලාවේදි පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවිය.
03rd March 2025 19:46:29 Hours
භකාස අණසක (මධ්‍යම) ආඥාපති බ්‍රිගේඩියර් ඒ එම් ආර් අබේසිංහ එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2025.03.03 වන දින 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, 7 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය, 2(සෙව්) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සහ යුද්ධ හමුදා මූලික රෝහල (දියතලාව) හි කඳවුරු සංචාරයක නිරතවිය.
03rd March 2025 15:57:32 Hours
මහනුවර 2025 වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය බෝගම්බර ක්‍රීඩාංගනයේදී 2025.02.28 වන දින අති උත්කර්ශවත් අයුරින් පැවැත්වින. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුතා ලෙස ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියගේ ආරාධනයෙන් 11 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි විය.
03rd March 2025 12:32:28 Hours
භකාස අණසක (මධ්‍යම) ආඥාපති බ්‍රිගේඩියර් ඒ එම් ආර් අබේසිංහ එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025.02.27 වන දින 4 (ස්වේ) රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ සංචාරයක නිරතවිය.
28th February 2025 23:52:53 Hours
11 වන පාබල සේනාංක මුලස්ථානයේ කර් නල් (සම්බන්ධිකරණ) වශයෙන් කර් නල් ඩබ්ලිව් එච් එම් එස් සී විජේනායක ආර්එස්පී (නි/64065) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.02.27 වන දින ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
28th February 2025 13:35:42 Hours
යුද්ධ හමුදා සේවාවනිතා සභාපති තුමියගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මග පෙන්වීම මත ඇන්කර් නිව්ඩේල් සමාගම වෙතින් පරිත්‍යාග කරන ලද බිම පැකට් 2300 ක් ආරක්ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයේ පාසල් ළමුන් සදහා 2025.02.28 වන දින බෙදාදෙන ලදී.