12th September 2023 09:00:00 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් WWHRRVMNDKB නියංගොඩ RWP RSP VSV USP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර් ණ මග පෙන්වීම හා සම්බන්ධීකරණයෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන යුධ හමුදා මූලික රෝහල තුලින් ප්රථීකාර ලබාගන්නා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ඉතා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටල තාක්ෂණික උපකරණ දියතලාව යුධ හමුදා මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිදුකරණ ලදී.
27th August 2023 12:09:14 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ මග පෙන්වීම හා සම්බන්ධීකරණයෙන් යුතුව ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ රාජකාරි නියතු සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පාසල් උපකරණ කට්ටල ලබාදීමේ වැඩසටහනක් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය මිතුරු කැල සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ආදිශිෂ්‍ය මිතුරු කැල සමගින් පිහිටුවා ඇති අතහිත පදනමේ නිර්මාතෘ ප්‍රසාද් ලොකු බාලසුරිය මහතාගේ අනුග්‍රාහකත්වයෙන් 2023.08.19 වන දින ආරක්ෂක සේනා මූලස්ථාන කඳවුරු පරිශ්‍රයේදී ලබාදීමට කටයුතු කටයුතු කරන ලදී.
26th August 2023 15:40:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බලකායට අයත්, කර්නල් ආර් ටී ලොකුතොටහේවා යූඑස්පී පීඑස්සී (නි/63457) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 අගෝස්තු මස 24 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
16th August 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි අන්ත්‍රාදායක ඖෂධ හා මත්ද්‍රව්‍ය වලින් වැලකීම පිලිබද හරවත් දේශණයක් 2023.08.16 වන බදාදා දින ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දේශණ ශාලාවේදි පවත්වන ලදි.
16th August 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ නරියා කඳු ප්‍රදේශයේ නිදන් කන්ද ආශ්‍රිතව 2023.08.16 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි මෙම මූලයේ එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් දහාඅට දෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
14th August 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 111 පාබල බලසේනා මුලස්ථාන බලප්‍රදේශයට අයත් කිරලගොල්ල ප්‍රදේශයේ 2023.08.14 වන දින අක්කර 25ක පමණ තේක්ක ඉඩමක ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 4වන ශ්‍රිලංකා පාබල හමුදා ඒකකයට අයත් නිලධාරීන් හතර දෙනකු හා සෙසු නිලයින් හැටදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී
08th August 2023 21:06:22 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් පස්ගම මාරස්සන ප්‍රදේශයේ 2023.08.07 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 2 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකයට අයත් එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් දහඅටදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී
08th August 2023 21:02:19 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ කළුඅඹතැන්න කඳු ප්‍රදේශයේ 2023.08.07 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි මෙම මූලයේ එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් පහලොස් දෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
07th August 2023 09:30:00 Hours
112 වන පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් සිඑස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි (නි/61747) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.08.04 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
07th August 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව සිවිල් සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවට අයත්, ලුතිතන් කර්නල් පී එච් එන් එච් පෙරේරා (නි/3874) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 අගෝස්තු මස 07 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.